නාරාහේන්පිට ප්‍රදේශයේ දී තමන් ගමන් කළ වාහනයට යම් කිසි පිරිසක් විසින් වෙඩි තැබූ බවට අසත්‍ය පැමිණිල්ලක් ගොනු කිරීමට සම්බන්ධ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ දී අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව අද (14) උදේ අධිකරණයට පැමිණ භාර වුනේය.
නීතිඥයෙක් සමග අධිකරණයට භාර වුන සැකකරු ප්‍රකාශ කළේ තමන් අසනීප තත්ත්වයෙන් සිටි බැවිස් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොහැකි වූ බවය.
කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා තුසිත හල්ලොලුවට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට අද නියෝග කළේය.







