දිනසේන රතුගමගේ
සිය ඥාති දියණියකට ලිංගික බලහත්කාරකමක් කරන්නට ගොස් ඊට ඇය දැඩි ලෙස විරෝධය දැක්වීමෙන් පසුව ඇයට පහර දී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ කෝපායී ඉරුපාලෙයි ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඊයේ ( 11 ) කෝපායී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ මරා දමා ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ ප්රදීප් නිවේතා නැමති තරුණියකි. ඇයත් ඇයගේ මවත් ඇතුළු එම පවුලේ අය ජීවත් වී ඇත්තේ මවගේ බාල සහෝදරයෙකු සමගය.
පවුලේ අයට රහසක්ව වශයෙන් තබාගන්නා ලෙස තර්ජනය රමින් මේ මාමා විසින් ඇයව කාලයක් තිස්සේ දූෂණය කොට අති අතර සිද්ධිය වූ දිනයේදී තරුණිය මාමා සමග ලිංගිකව එකතු වීමට දක්වන ලද දැඩි අකැමැත්ත නිසා මාමා ඇයට තල් පිත්තකින් පහර දී තිබේ.
මේ අවස්ථාවේදී තරුණියට හුස්ම ගැනීමේ අපහසුවක් හටගෙන ඇත. ඇයට ඇදුම රෝගය වැළදී ඇති බව කියමින් ඇයව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත්තේ ඉන් පසුවය.
ප්රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර තරුණිය සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් අරණ පරීක්ෂණයයේදී හෙළි වී ඇත්තේ තරුණියගේ සිරුරේ පහර දීමේ තුවාලවලට අමතරව කැපුම් තුවාලද තිබූ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණියගේ මාමා අත් අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළි වී තිබේ.
සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කෝපායී පොලීසිය පියවර ගෙන තිබේ.







