අසේල කුරුළුවංශ –
මල්වතු මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ඥාති පුත්‍රයකු බව කියමින් හැදුනුම්පතක් සකස්කර ගැනීම සඳහා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කළ බව කියන පුද්ගලයකු මහනුවර මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දිගන නවනගරය රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ටෙලි හා වේදිකා නාට්‍යයවල සුළු චරිත වලට පෙනී සිටි නළුවෙකු බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සැකකරු පසුගිය 14 දින කුණ්ඩසාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ අයදුම් පත බාරදී තමන් මල්වතු මහනාහිමියන්ගේ ඥාති පුත්‍රයෙකු බව කියමින් එම කාර්යය කඩිනමින් සිදුකර දෙන ලෙස බලපෑම් කළ බව නිලධාරීන් පොලීසියය පවසා ඇත.
ඉන් අනතුරුව සැකකරු මල්වතු මහානාහිමියන් ලෙස පෙනී සිටිමින් ඔහු අවස්ථා කීපයකදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට දුරකතන මගින් අමතමින් තම ඥාති පුත්‍රයාගේ හැඳුනුම්පත කඩිනම් ම සකසා දෙන ලෙස දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් සැකසිතී කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මල්වතු මහා නා හිමියන් දැනුවත් කිරීමට පියවර ගැනීමෙන් පසු මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් කර ඇත.
අනතුරුව පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, මහනුවර පොලිස් අධිකාරි 1 ඉලංගකෝන්ගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පතෙගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රී රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති







