අසේල කුරුළුවංශ –
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදි සිසුවියක නේවාසිකාගාරය කාමරයක් තුළ ගෙළ වැලලාගෙන මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලහ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මියගිය සිසුවිය කිළිනොච්චිය ක්රිෂ්ණපූරම් හි පදිංචි කාරියකි.
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ නේවාසිකව අධ්‍යාපනය ලබන ඇය කිළිනොච්චියේ ක්රිෂ්ණපූර්ම් ප්‍රදේශයේ නිවසට ගොස් පසුගිය 30 දින යළි පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සියදිවි නසා ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධයක් හා සම්බන්ධ සිද්ධියක් බවට පොලීසිය සැක කරයි.
මියගිය සිසුවිය හා තවත් සිසුවියක නේවාසිකාගාරයේ කාමරයේ සිට ඇති බවත් සිද්ධිය වන අවස්ථාවේ එම සිසුවිය පෞද්ගලික කාරනයක් සඳහා පිටතට ගොස් තිබෙන බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය පරීක්ෂණ පවත්වයි.







