සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනමය කටයුතු කාර්යක්ෂම කිරීමට යැයි පවසමින් සෞඛ්‍ය ඇමතිවරයාවද නොමග යවමින් සිදුවෙන අභ්‍යන්තර ස්ථානමාරු කිරීම් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු අවුල්ජාලයක් බවට පත්වෙමින් සහ මන්දගාමීව සිදුවෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍යංශය අභ්‍යන්තරය තුළ සිදුවෙන මෙම ස්ථානමාරු ක්‍රමවේදය වෛද්‍ය පරිපාලන නිලධාරීන්ට බලපෑමක් සිදු නොවන අතර ඔවුන් අතර මේ වන විට විවිධ අක්‍රමිකතාවන්ට ලක්වූවන්ද සිටින බවද හෙළිව ඇත.
මෙසේ එක්වර ස්ථානමාරු ලැබූවන් අතර අධ්‍යක්ෂකවරුන් 06 ක් , සහකාර ලේකම්වරුන් 01 ක් , ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු 01 ක්, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරුන් 03 ක් සිටින බවත්, මීට අමතරව පරිපාලන නිලධාරීන් 09 ක් ද ඔක්තෝබර් 15 වෙනිදා සිට ස්ථාන මාරු කොට ඇති බවත් වාර්තා වී ඇත
ඉදිරි සති කීපය ඇතුළත සංවර්ධන නිලධාරීන්ද එම තනතුරු වලින් අභ්‍යන්තර ස්ථාන මාරු සිදු කිරීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වී තිබේ.
මෙලෙස අභ්‍යන්තර ස්ථාන මාරු හදිසියේ විශාල ප්‍රමාණයක් එකවර සිදුකිරීම හේතුවෙන් අංශයන්හි කටයුතු වූ සිදු කිරීම ඉතාමත් මන්දගාමී වී ඇති බව අනාවරණය වේ. මෙලෙස ස්ථානමාරු කළ නිලධාරින් බොහෝ දෙනෙකු ඉතා කෙටි කාලයක් ඔවුන් සිටි තනතුරුවල කටයුතු සිදුකළ නිලධාරීන් වන අතර කෙටි කාලයක් තුළදී ඔවුන් නැවත වෙනත් විෂයන් වෙත මාරු කිරීම පුදුම සහගත වී ඇත.
යම් නිලධාරියකු අලුතින් විෂය පථයක් භාර ගැනීමෙන් අනතුරුව එම විෂය සම්බන්ධව හැදෑරීමක් කොට කටයුතු ආරම්භ කිරීම සඳහා මාස කිහිපයක කාලයක් ගතවන අතර මෙලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මාරු කිරීම නිසාඅදාල විෂයන්හි පරිපාලන කටයුතු පවත්වා ගැනීම ගැටලුවක් වී තිබේ.
මෙම ස්ථාන මාරු සිදුකිරීම් පිටුපස අතිරේක ලේකම්වරුන් කීප දෙනෙකු සහ දේශපාලන පක්ෂයකට සම්බන්ධ කිහිප දෙනෙකුම සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අභ්‍යන්තර ස්ථාන මාරු කිරීම මගින් සේවාවන් කාර්යක්ෂම කිරීම බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන අංශය බහුතරයක කටයුතු මන්දගාමී වී ඇතැයිද වාර්තාවේ.







