ගල්කිස්ස උසාවි භූමිය තුළ පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ලවීමෙන් අනතුරුව ඇති වූ සිද්ධි දාමයත් සමග මේ වනවිට තමන් සිටිනා නිවසින් සැඟවී පොලිසිය මග හරිමින් සිටිනා නීතිඥ ගුණරත්න වන්නිනායක තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
වාර්තාවන පරිදි පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටී.
ගුණරත්න වන්නිනායක සිය පෙත්සමින් පවසන්නේ පසුගියදා ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියකට බාධාවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් බවය. .
ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.







