දිනසේන රතුගමගේ –
ජාතික ජනබලවේග පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයාට හා ඔහුගේ පියාට ඊයේ ( 11) රාත්‍රී කඩු ප්‍රහාරයක් එල්ල වී තිබේ.
යාපනය පේදුරුතුඩුව තුම්බල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසට අලුයම දෙකට පමණ කඩු රැගෙන පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සම්බන්ධිකාරකවරයා හා ඔහුගේ පියා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ.
ඔවුන් දෙදෙනාට කැපුම් තුවාල ඇති නමුත් ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කරති.
මෙම කඩු ප්‍රහාරයට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැත. පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බ්න්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







