දිනසේන රතුගමගේ –
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලියෙකු මුලතිව් පනික්කකුලම් ප්‍රදේශයේදී 11 දා රාත්‍රීයේ මියගොස් තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ රාත්‍රී 10.40 ට පමණය.
වන අලියා දුම්රියේ ගැටීමෙන් පසුව දුම්රිය නතර කොට පසුව ගමන් අරඹා ඊළඟ දුම්රිය ස්ථානයට සිද්ධිය සැලකොට තිබේ.
මියගිය වන අලියාගේ සිරුර වන ජීවී නිලධාරීන්ගේ පරීක්ෂණ කටයුතු වලින් පසුව මිහිදන් කිරීමට නියමිතය.
පනික්කකුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







