ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන්ගේ ස්ථාමාරු ක්‍රමවේදය නිසි ක්‍රමවේදයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අම්පාර දිස්ත්‍රික්කය පුරා ආරම්භ කර තිබු වැඩ වර්ජනය නතර කිරීමට අද (7) දහවල් තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට නිසි ක්‍රමවේදයෙන් බැහැරව ලබා දී තිබු ස්ථානමාරු නියෝගයන් වහාම නිවැරදි කරමින් සහ වෛද්‍ය ස්ථානමාරුක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවට සෞඛ්‍ය ලේකම්වරයා ලිඛිතව දැනුම් දීම හේතුවෙන් වැඩ වර්ජනය නතර කළ බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.
මේ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් අද දහවල් සිට නැවත සිය රාජකාරියට වාර්තා කරන බැවින් රෝහල්වල ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවත් හෙතෙම අවධාරණය කරයි.
වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලියන් දේශපාලන බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක කළ යුතු වුවද මෙයට වරින් වර දේශපාලන අතපෙවීම් සිදුවන බවත් එවැනි තත්වයන් නැවත මතු වුවහොත් දැඩි තින්දු තීරණයන් ගැනීමට පසුබට නොවනව බවද සංගමය අවදාරණය කරයි.







