ලලිත් චාමින්ද –
විදේශීය රටක නිෂ්පාදිත එක් උණ්ඩයක් පමණක් යෙදිය හැකි පෑනක ස්වරූපයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සමග සැකකරුවකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බැව් නාගොඩ පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා නාගොඩ අලුත් තානායම්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 25 හැවිරිදි වියේ පසුවන මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සන්තකයේ තිබී පතොරම් . 02ක් පතොරම් කොපු 05 ක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
මත්ද්‍රව්‍ය හා ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෙකී සැකකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තමන්ගේ ආරක්ෂාව සඳහා මෙකි අර්ධ ස්වයංක්‍රීය ගිනි අවිය ළඟ තබාගෙන සිටි බැව් මොහු පොලිසියට සඳහන් කොට ඇත.
නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







