මනම්පිටිය නිමල් ජයරත්න –
අම්පාර දිස්ත්රික්කයේ සිංහල ගම්මානයකෙවන ගෝනගල, 31 වන කොළණියේ ගම්වාසින් 54 දෙනෙකු එල්ටීටීඊ ත්රස්තවාදින් විසින්කපා කොටා සමුහ ඝාතනය කර වසර 26 ක් සම්පුර්ණවිමට සමගාමීව එම ඝාතනයට ලක්වූවන් සිහිකිරීමේ පින්කමක් ඔවුන් වෙනුවෙන් ප්රදේශයේ ඉදිකර ඇති ස්මාරකය අසලදී සිදුවිය.
මෙම ඉතිහාසගත ම්ලේච්ඡ ඝාතනය සිදුවන්නේ 1999 වර්ෂයේ සැප්තැම්බර් 18 දිනය. ඒ බිහිසුණු දිනයේ මිය ගිය පුද්ගලයින්ට නිර්වාන සුවය ප්රාර්ථනා කරමින් මෙම පින්කම ඊයේ (18) සංවිධානය කර තිබිණි.
ගෝනගල සමුහ ඝාතනයෙන් අගතියට පත්වුවන්ගේ සංවිධානය මගින් සංවිධානය කර තිබු මෙම පින්කමේ දී එදින ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීහු පහන් දල්වා මියගිය අය සිහි කළහ.
අනතුරුව ගෝනගල ශ්රී සුමංගලාරාමාධිපති රන්සෑගොඩ සිරිවිමල හිමියන්ගේ සහභාගිත්වයෙන් මියගිය අයට පිං අනුමෝදන් කිරිම සදහා ධර්ම දේශනයක් පැවැත්වූහ.







