ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට (11) දිනයේදී විජේරාම නිල නිවසෙන් ඉවත්ව තංගල්ලේ පිහිටි තම නිවස කරා යාමට නියමිත බව පොදු ජන පෙරමුණේ ආරංචිමාර්ග පවසයි.
හෙට පෙරවරුවේ විජේරාම නිවසින් ඉවත් වීමට පෙර මහින්ද රාජපක්ෂ එම නිවසේ දී විදේශ තානාපතිවරුන් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බව සඳහන්ය.
ඉන් අනතුරුව දහවල් 12.00 – 01.00 පමණ වන විට ඔහු විජේරාම නිල නිවසින් තංගල්ල බලා පිටත්වීමට නියමිත බවත් ඔහු තංගල්ලට පැමිණෙන විට පිළිගැනීම සඳහා විශාල පිරිසක් එහි රැස්වීමට නියමිත බවත් වාර්තා වේ.
එම පිළිගැනීමට අදාළ සංවිධාන කටයුතුත් මේ වනවිට සිදුවෙමින් පවතින බව පොදු ජන පෙරමුණේ ආරංචිමාර්ග වැඩිදුරටත් ප්රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150කින් සම්මත වූ පසු පවතින නෛතික තත්ත්වයන් යටතේ හෙටම මෙම නිවසින් ඉවත් වීමට ඔහු තීරණය කර ඇත. මෙම පනත අද නෛතිකව බලාත්මක වීමත් සමග හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබිණු නිල නිවාස ඇතුළු වරප්රසාද ප්රමාණයක් අහෝසි විය.







