සපුගස්කන්ද පිරිපහදුවේ අලුත් වැඩියා කරමින් තිබූ ඉන්ධන ටැංකියක ගින්නක් හටගෙන තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ගිනි ගෙන ඇත්තේ ඉන්ධන ගබඩා කර නොතිබුන හිස් ටැංකියක් බවය.
අද පස්වරුවේ ඇති වූ මෙම ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීම් ඒකක යුහුසුළුව කටයුතු කරමින් සිටින බව සපුගස්කන්ද පොලිසිය කීවේය.
ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කොළොන්නාවේ සහ කොළඹ ගිනි නිවන රථ යොමුකරමින් තිබේ.







