කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස් දෙනා අත් අඩංගුවට ගැනීම සඳහා ඉන්දුනීසියාවේ දියත් කළ රහසිගත මෙහෙයුම පිළිබඳව එම අපරාධකරුවන්ට පොලිසිය තුළින්ම තොරතුරු ලැබී ඇතැයි විශ්වාසකටයුතු විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඔවුන් සිය සැඟවුනු ස්ථාන වෙනස් කරමින් සිදුකළ පලා යෑම් නිසා විමර්ශන ජාලයම ව්‍යසනයට ලක් වීමට ඉඩ තිබුණු බවද අනාවරණය වේ.
මෙම තොරතුරු ඍජුවම මෙම අපරාධකරුවන් වෙත යොමු නොවනු බවත්, එම ආරංචිය ඔවුන් වෙත ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පුද්ගලයෙක් හරහා බවත් විමර්ශන අංශ සැක කරයි.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.







