රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් නිලුපුලී ලංකාපුර අද ( 27) නිකුත් කළාය.
2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි දේශබන්දු තෙන්නකෝන් මුදා හරින්නට නියෝග කෙරෙන්නේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්රාත්වරිය සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරුට නියෝගයක් නිකුත් කරනු ලැබුවාය.
එමෙන්ම කැඳවීම් සිදුකරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම අධිකරණයට පැමිණ විමර්ශන කටයුතුවලට සහාය විය යුතු බවත් එසේ කැඳවනු ලබන අවස්ථාවල මගහැරීම් සිදුකරන්නේ නම් ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහෙස්ත්රාත්වරිය විසින් දන්වනු ලැබුවාය.
මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 03 වන දා කැඳවීමටද නියම වුණි.







