විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන කඩිනමින් බලාත්මක කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පැවසුවේය.
ශාසනික සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපීම ඇතුළු තවත් බලතල වැඩි කළ හැකි පරිදි විහාර දේවාලගම් ආඥා පනතේ 41 හා 42 වගන්ති වල සංශෝධනයක් සම්බන්ධව කාලයක් තිස්සේ කටයුතු කරමින් පවතින බවත් මේ වනවිට ඒ පිළිබඳ සියලු කටයුතු නිමකර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවත් ඉතා කෙටි කාලයකින් එය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි බවත් ඇමතිවරයා කීවේය.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහචාර්ය සුනිල් සෙනෙවි කීවේ .භික්ෂූන් වහන්සේගේ ශාසන විරෝධී විවිධ හැසිරීම් හා භාවිතයන් පිළිබඳව පසුගිය කාලය පුරා අසන්නට ලැබුණු සිදුවීම්වලට අදාල තීන්දු ගැනීමේ බලය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්රමුඛ අදාළ නිකායට හිමිවන අයුරින් පනත සංශෝධනයය කරන බවය.
“දියවඩන නිළමේ ධූර කාලය වසර 10 ක් ලෙස විහාර දේවාලගම් ආඥා පනතේ සඳහන් කර තිබෙනවා. එම කාල සීමාව වෙනස් කිරීම දිනකින් දෙකකින් හෝ ඇමැතිවරයාගේ තීරණය මත කළ නොහැකියි. දැනට පවතින අණපනත් වලට අනුව තමයි නිලවරණය පවත්වන්නේ.”
“පවතින සම්ප්‍රදායන්ට අනුව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අවවාද අනුශාසන මත විහාර දේවාලගම් ආඥා පනතට අනුකූලව එය සිදුවේවි. ”
“කාදිනල් තුමාගේ කිසිදු බලපෑමක් රජයට නැහැ. එතුමා මේක බෞද්ධ රටක් බව පැහැදිලිව ප්‍රකාශ කළා. කාදිනල් තුමන්ට රටේ ගමන් මඟ සම්බන්ධව පුළුල් දැක්මක් තිබෙනවා. ”
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ද සහභාගි විය.







