බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහේතුක ඝාතකයෙකුගේ බිල්ලක් වූ බෝධිසත්ව ගුණෝපේත  සුදු හාමුදුරුවෝ  

by editor
දෙසැම්බර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බලපිටිය, ලලිත් චාමින්ද – ගාල්ල

  • ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ 13න් නමකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන
  • දුරකථන ජලා විශ්ලේෂණය කරමින් තවත් පැත්තකින් පරීක්ෂණ ඇරඹිලා…
  • පිණ්ඩපාතය සඳහා වැඩමක කළ නිවෙස් හිමියන්ගෙනුත් ප්‍රකාශ අරන්…

ඝාතනය කර රත්ගම කලපුවට දමා තිබිය දී රත්ගම පොලිසිය මගින් සොයා ගන්නා ලද රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්ත ජාතික නෙදර්ලන්තයේ ජිනවංශ  හිමියන්ගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) පස්වරුවේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්විනි.

මරණ පරීක්ෂණයේ දී මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දී තිබිණි. හිමිනමගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය  වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂාහැන්නදි  විසින් කරණු ලැබුවාය. මළ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රජයේ  රසපරික්ෂක වෙත  යොමු කිරීමට තීන්දු කර තිබිණි.

පසුගිය 08 වැනිදා පස්වරුවේ මෙම ස්වාමින් වහන්සේගේ මෘතදේහය රත්ගම පොලීසිය මගින් සොයා ගන්නා අවස්ථාවේ දී උන්වහන්සේගේ දෙපා කොන්ක්‍රීට් කැබැල්ලක්ද සහිතව වයරයකින් ගැට ගසා තිබූ බව රත්ගම පොලීසිය කීවේය. ඝාතනයට ලක් වූ ජිනවංශ හිමියන් පිළිබඳ  මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මාහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  විසින් ඊයේ (09) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට  පැමිණ පවත්වන ලදී. ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වරුෂවිතාණ ද එම ස්ථානයට පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාල මූලික කටයුතු සිදු කළාය.

නෙදර්ලන්තයේ ජිනවංශ හිමි

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් ගමේ ඇත්තන්නට   සුදු හාමුදරුවෝය. සුදු හාමුදුරුවන් භාවනානුයෝගීව වැඩ වාසය කළේ කළපුව ආසන්නයේ ඇති කුටියකය.  එතුමෝ  පිණ්ඩපාත සඳහා රත්ගම කළපුව වටා ඇති   තොටුපොළවලට සතියට එක් දිනක් බැගින් වැඩම කර තිබුණහ.

ජනවංශ හිමියන් පැවිදි දිවියට පිළිපන්ව තිබුණේ 19 වැනි වියෙහි දීය. උන්වහන්සේ පැවිදිවන්නේ තායිලන්තයේ දී ය.  තායිලන්තයේ දිගු කාලයක් භාවනානුයෝගීව වැඩ වාසය කොට ජිනවංශ හිමියන්   2008 වර්ෂයේ දි මෙරටට වැඩම කළහ. පොල්ගස්දුව ආරණ්‍යයේ  ඇති නිස්කංලක බව පිළිබඳ පැහැදුණු උන්වහන්සේ  භාවනායෝගීව වැඩසිටීම සඳහා 2011 වර්ෂයේ සිට එම  ආරණ්‍යය තෝරා ගත්හ.

ජිනවංශ හිමියෝ වසරින් වසර විදේශීය ගමන් බල පත්‍රයේ විසා අලුත් කරගනිමින්  මෙරට රැඳී උන්හ. පරිසරයට අසීමිත ලෙස ඇළුම් කළ උන් වහන්සේ  අතිශය සංවර නිහඬ අල්පේච්ඡ දිවියක් ගතකරමින් භාවනාක්‍රම පිළිබඳ අධ්‍යයනයක නිතර වූහයි  සේනාසන වාසී භික්ෂුහු පවසා තිබුණහ.

මේ අපරාධය සිදුවන්නේ ලෝකයේ අසීමිත භෞතික දියුණුව සහිත උපන් බිම අතහැර ජීවිතයේ අධ්‍යාත්මික ගැඹුර සොයා මෙවැනි රටකට වැඩම කළ   සුපේෂල ශික්ෂාකාමී හිමිනමකයට.

සුදු හාමුදුරුවන්ගේ අතුරුදන් වීම

සුදු හාමුදුරුවන් පසුගිය 06 වන දින සිට   ආරණ්‍යය සේනාසනයෙන් අතුරුදන්ව සිට ඇති බව  පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබිණ.

උන් වහන්සේ කිසියම් හෝ අයෙකු විසින් ඝාතනය කොට දියේ ගිල්වා හෝ දියේ ගිල්වා ඝාතනය කරන්නට ඇතැයි දැන් පොලීසිය විශ්වාස කරයි. වයස අවුරුදු පනස් නවයක් පමණ වන ජින වංශ හිමියන්ට මෙම අපරාධය සිදුවන්නට ඇත්තේ  මීට දින හතරකට පමණ පෙර යැයි පොලීසිය විශ්වාස කරයි.

උන් වහන්සේ   අතිදක්ෂ පිහිණුම් ශූරයෙකු බවත් එවන් තත්ත්වයක් තුළ දියේ ගිලි මිය යෑම ගැටලු සහගත බවත් ප්‍රදේශවාසීන් රැසක්ම පොලීසියට ප්‍රකාශ කර තිබිණි. උන් වහන්සේ පිණ්ඩපාතය පිණිස තමන් විසින්ම ඔරුව පැදගෙන එගොඩට   වැඩම කරන බවද ප්‍රදේශවාසීන්   රත්ගම පොලීසියට පවසා තිබිණි.

පරීක්ෂණ මෙහෙයවීම

දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා  විසින් මෙම ඝාතනයේ සුලමුල සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් හරහා පරීක්ෂණ ආරම්භ කර තිබේ. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය,  රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය හා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් විසින්  මෙම අභිරහස් මරණය පිළිබඳ පැති කිහපයක් ඔස්සේ පුළුල් විමර්ශනයක් ආරම්භකොට ඇති ආකාරය නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා  ප්‍රකාශ කළේය.

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා 13 නමකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එයට අමතරව මෙම භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතය සඳහා වැඩම කළ නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඝාතනයට ලක් වූ හිමියන්ගේ ජංගම දුරකතනයට ලැබුණු හා උන්වහන්සේ ලබාගත් දුරකතන ඇමතුම් ඔස්සේද පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට සම්බන්ධ ආරංචිමාර්ග  හෙළිදරව් කළේය.

පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය. අධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කර ලෞකික සැප අත් හළ පැවිදි උතුමෙක් මේ තරම් අශිෂ්ඨ ලෙස ඝාතනය කළ හැකි අපරාධ කරුවන් කවුද?. මේ වනවිට අපේ සමාජයම ඒ පිළිබඳව කුතුහලයෙනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ්-19 මෘතදේහ භූමිදානය කිරීමට අගමැති මහින්දගෙන් උපදෙසක්

Next Post

අද දවසට කොවිඩ් අසාදිතයන් 469 යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.