මොරටුවේ සිට කන්කසන්තුරය දක්වා ඉකුත් 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ දුම්රිය ආරක්ෂක නිලධාරියකුට වඩේ වෙළෙන්දෙක් විසින් එල්ල කළ පිහි පාරක් හේතුවෙන් පහර කෑ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කර තිබේ.
වළංගු දුම්රිය ප්‍රවේශපත්‍රයක් රහිතව මෙම වඩේ වෙළෙන්දා දුම්රිය තුළ වෙළඳාම් කරමින් සිටිය දී ඔහුව අල්ලා ගන්නට කළ උත්සාහයක් අතර මෙම පිහි පහර ආරක්ෂක නිලධාරියා වෙත එල්ල වී ඇත.
පොල්ගහවෙල පොලිිසය පවසන්නේ සැකකාර වඩේ වෙළෙන්දා අත් අඩංගුවට ගත් බවය.
රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් ගත් මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ එම දුම්රියේ වඩේ විකුණමින් සිටි පුද්ගලයා ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ගමන් කරන බවට හෙළිවීමෙන් පසු ඔහු අල්ලා ආරක්ෂක නිලධාරීන් ගමන් කරන මැදිරියේ රඳවා තබා සිටිය දී වඩේ වෙළෙන්දා තමන් ලඟ තිබූ ලූනු කපන පිහියෙන් ආරක්ෂක නිලධාරියාගේ නිකට කපා තුවාල කර ඇත.
පොල්ගහවෙල දුම්රියේ ස්ථානයේ දුම්රිය නතර කළ අවස්ථාවේ දී ප්‍රහාරකයා පිහිය ද සමග පොල්ගහවෙල පොලිසියට බාර දීමට දුම්රිය ආරක්ෂක අංශ කටයුතු කර තිබේ .







