බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කහවත්ත තරුණයාගේ ඝාතනය… ගම්මු නගන චෝදනා කහවත්ත පොලිසියේ රෙදි ගලවන හැටි…

by editor
ජූලි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඉමන්ත සුරන්ජන ගැන දැන් අත්තේ මතකයක් පමණි. අප ජීවත් වන්නේ අහවල් රටකදැයි අපට යළිත් ප්‍රශ්න කිරීමට සිදුවෙමින් ඇත. කුඩුකාර පාදඩයින් විසින් පොලිස් වෙස් ගෙන පැහැර ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලද කහවත්තේ තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (04) සිදුවන්නේ මිනිස්සුන්ගේ හදවත්වලින් බුර බුරා නැගුන ප්‍රචණ්ඩ වේදනාවක් පිටකරවමිනි.

අප දන්නා ඉතිහාසය තුළ කහවත්ත පොලිසිය යනුම විකාරයකි. මේ පොලිසියට පොලිස් රාජකාරිය කිරීමේ ඇති නොහැකියාවට ඉතිහාසයක් ඇති බව මේ රටේම මිනිස්සු දන්නේය. ඒ නිසාම කුඩුකාරයින් විසින් පැහැරගෙ ගෙන ගොස් ඝාතනය කළ තරුණයාගේ අවසන් කටයුතු සිදුවන දිනයේ පොලිසිය විෂයෙහි ඇති වූ ප්‍රචන්ඩ හැසිරීම හුදකලා සිදුවීමක් ලෙස නොගෙන විමර්ශනය කළ යුතු සිදුවීමක් බව අපි විශ්වාස කරමු.

අවසන් කටයුතු කරන අවස්ථාවේ ඇතිවන පිපිරී යෑම ඇතිවන්නේ ඇයි. ගම්වාසීන් කහවත්ත පොලිසිය සමග ගැටෙන්නේ කුමක් නිසාද?. අවසානයේ දී මළ ගෙදර මිනිස්සුන්ට කඳුළු ගෑස් ගසා පලවා හරින්නට තරම් තැනකට පොලිසිය වැටුනේ පොලිසියේ රස්සාව නිවැරදිව නොකළ නිසා ද?. පුද්ගලයෙක් ඝාතනය වූ පමණින් මිනිස්සු  පොලිසියට විරෝධය දක්වනවා ද?, අප දන්නේ අසාධාරණය ඉහවහා යන තැන මිනිස්සුන්ගේ ඉවසීමේ සීමා බිඳ වැටී සොරොවු සුන් දිය කඳක් සේ ආවේග ගලා හැලෙන බවය. රටේ විධායක ජනාධිපතිවරයෙක් පන්නා දැමූ මිනිස්සුන් පිරිසක් මේ රටේ සිටින බව කිසිවෙක් අමතක නොකළ යුතුව ඇත.

පොලිසිය දැන් ගම ආරක්ෂා කරන්නේය. ඊට එස්ටීඑෆ් එකත් කැඳවා ඇත්තේය. ඉමන්තගේ මරණයට හේතුවූ බවට සැක කරන කුඩුකාර පාතාලයාගේ ගෙදර රකින්නටත් පොලිසියට දැන් සිදුවී තිබේ. ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදියක් ද ගම්වැසියන් විසින් විනාශ කර ඇත.

සිදුවූයේ කුමක් ද?

රාත්‍රී 9ට පමණ ඇත. පසුගිය 30 රාත්‍රී කහවත්ත පලන්සුරියගම හල්ලිද නිවසක සිටි 22 හැවිරිදි තරුණයෙක් සහ ඔහුගේ මිතුරෙක් පැහැර ගෙන ගොස් ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩහවුපේ දළුග්ගල ප්‍රදේශයේ දී වෙඩි තබා තිබිණි. පැහැරගෙන ගොස් ඝාතනය කළ තරුණයාට නිවුන් සොයුරෙක් ද සිටී. ඔහු ඒ මොහොතේ ඉන්නේ නිවස තුළය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පැහැර ගෙන ගොස් වෙඩි තැබූ තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයෙක් මිය ගියේය. අනෙකා බරපතල තුවාල සහිතවය.

පැහැර ගැනීම සිදුවන්නේ පොලිස් අත් අඩංගුවට ගැනීමක් බවට හැඟෙන පරිදිය. ඝාතකයින් එන්නේ ජිප් රථයකිනි. අත් අඩංගුවට ගන්නා සේ පෙන්වමින් උක්ත පැහැරගැනීම සිදුකරන්නේ තරුණයින් දෙදෙනා එකම මාංචු කුට්ටමක සිරකරමිනි. තුවාල ලබා සිටි ඉමන්තගේ මිතුරා රෝහල්ගත කරන්නට ප්‍රදේශවාසීන්ට අත් විලංගුව කපා දමන්නට සිදුව තිබිණි. ඔවුන් දෙදෙනාට වෙඩි තබා තිබුණේ දණ ගස්සවා බවට මේ වනවිට සාධක හමුවී ඇත.

රටම කැළඹූ ඝාතනය

නිවසේ සිටිය දී මාංචු දමා පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දමන ලද තරුණයා නිසා රට කැළඹුනේය. මරා දමා තිබුණේ ගමේ කාගෙත් හිත දිනාගත් තරුණයෙක් වූ ඉමන්ත සුරන්ජනය. වයස අවුරුදු 22කි. ගමේ උන් කිව්වේ කොන්දක් ඇති කොල්ලෙක් කියාය. ” ගමට හිටිය රත්තරන් කොල්ලෙක්… ඌට වැරැද්ද පේන්න බෑ. කෙලින් කතා කරනවා. විරුද්ධ වෙනවා…” ගමේ වැඩිහිටියෙක් අපට කීවේය. උන්දෑත් හිටියේ මහත් විස්සෝපයෙනි.

මේ ආකාරයේ අපරාධයක් කරන්නේ ඩුබායි අමිල බව ගමේ ඇත්තන් කියන්නේය. පොලිසිය දැන් විමර්ශන කරන්නේත් ඒ සැකය මතය. අමිල හා ඉමන්ත එක ගමේය. දෙදානා ඥාතීන්ය. අමිලගේ පවුලේ අයත් ඉමන්තගේ පවුලේ අයත් කලක් හොඳින් හිටියත් පසුව පවුල් දෙක අතර ඇයි හොඳයියක් තිබුණේ නැත. කොහොමටත් අමිල ආශ්‍රය කරන්න හොඳ කෙනෙක් නොවන බව ගමේ අයත් කීවේය. මීට ටික කාලයකට කලින් අමිල ඩුබායි පැන්නේය. ඒ මත් කුඩු ජාවාරම සමග තීව්‍ර වන පොලිස් විමර්ශනවලින් ගැලවී සැඟවෙන්නටය. එදා හිට ඌ ඩුබායි අමිල වූයේය.

” මේකා ගමෙන් ගිහින් කළේ උගේ ගෝලයින් දමාන කුඩු බිස්නස් කළ එක. වටේ ගම්වලත් කොල්ලෙක් හදාගන්න බැරි වුනා… ඉමන්ත පුතා මේකට විරුද්ද වුනා. එයා එයාගේ සහෝදරයා එක්ක තවත් කොල්ලො කාණ්ඩයක් එකතු කරන් කුඩු විකුණන උන්ගේ ගෙවල්වලට ගිහින් කිව්වා මේ වැඩේ නවත්තපල්ලා කියලා. උන් ඇහුවේ නෑ… මෙහෙම වෙද්දි කහවත්තෙන් අමිලයගේ කුඩු ජාවාරමේ ඉන්න දෙන්නෙක්ව ඇල්ලුවා… මම හිතන්නේ උන් සැක කළා මේ කොල්ලො දෙන්නා ඔත්තුව දුන්නා කියලා… මේ අපරාදෙ කරපු උන්ට හෙණ ගැහනවා අපේ ඉස්සරහම…” ගම්වාසියෙක් අපත් සමග කීවේ පුපුරා හැලෙන වේදනාවෙනි.

අහන අහන එකෙක්වත් ඉමන්තගේ වැරැද්දක් කියන්නේ නැත. කියැවෙන සෑම කතාවකම ඇත්තේ ඔහුගේ යහපත්කම ගැනය. මේ ඝාතනයට පෙර වට්ස්ඇප් මගින් ගමේ තරුණයින් ගණනාවකට මරණ තර්ජන එල්ල කර තිබුණු බව නම් ගැමියන් කියන්නේය. ඔවුන් මේ ගැන මරණය පිළිබඳ විමර්ශන කටයුතුවලට පැමිණි රත්නපුරයේ විශේෂ පොලිස් ඒකකවලට පවසා තිබිණි. මරණ තර්ජනවලට ලක් වූවන් අතර ඉමන්ත සහ ඔහුගේ නිවුන් සොයුරාත් විය. අවසානයේ අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වූයේ ඉමන්ත සහ ඔහුගේ නිවුන් සොයුරාය.

මේ අතර ඩුබායි අමිලගේ ගෝලයින් දෙදෙනෙක් කහවත්ත පොලිිසය කහවත්තේදීත්, බුංගිරියේ දීත් අත් අඩංගුවට ගත්තේය. මේ ජාවාරම්කරුවන් දෙදෙනා අත් අඩංගුවට ගන්නේ පොලිසිය කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය. එහෙත් අමිල විශ්වාස කරන්නේ මේ තොරතුර ලබා දෙන්නේ ඉමන්තත් ඔහුගේ නිවුන් සොයුරාත් බවය. ගමේ ඇත්තන් කීවේ මේ මිනී මැරුම සිදුකළේ අමිල විසින් බවය.

ලැබෙන තොරතුරු මත ඉමන්ත ගේ ඝාතනය ගැන ප්‍රශ්න කිරිමට ඩුබායි අමිලගේ බිරිය දැන් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේය. මෙම ඝාතනය සිදුකළ පුද්ගලයින් විසින් ඉමන්ත සහ ඔහුගේ මිතුරා පැහැරගෙන පැමිණි ජිප් රථය බස්නාහිර සහ රත්නපුර දිස්ත්‍රික් මායිම වෙන් කෙරෙන කිරිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ කැටකිරිල්ල පොලිස් මාර්ග බාධකය ඔස්සේ පලා ගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත්තේය. තරුණයින්ට දැමූ අත් විලංගු පොලිසියේ ඒවා නොවේ. එම විලංගු සම්බන්ධව ද විමර්ශනයක් ආරම්භ වී ඇත.

ඉමන්තගේ අම්මා ඇහෙන් දැක්ක සිද්ධිය

ඉමන්තගේ අම්මා රේනුකා මණතුංගය. ඇය මේ වනවිට ලෝකයක් අහිමිවී සිටින ගැහැණියකි. තමන්ගේ නිවුන් දරුවන් එකම අත් විලංගුවක ලා පැහැර ගෙන ගොස් වෙඩි තබා දැමීම, ඉන් එක් දරුවෙක් ඝාතනය කිරීම කිසිම අම්මා කෙනෙකුගේ සිහිනයකින්වත් දරාගත හැක්කක් නොවේ. සිදුව ඇත්තේ නිරපරාද මරණ නම් ඒ ගැහැණිය කෙසේ සිත් සදා ගනීදැයි අපට වැටහෙන්නේ නැත.

” පුතාලා දෙන්න ගේ ඉස්සරහා හිටියෙ. ඉමන්තගෙ යාලුවෙක් ආවා. ලොකු පුතා ගෙට ආවා. එහෙම ඉන්නකොට ජිප් එකක කට්ටියක් ආවා පොලිසියෙන් කියලා. ඇවිත් ඇහුවා උඹලා ලඟ ගංජා තියනවා නේද කියලා. ”

“ඉමන්තගෙයි එයාගෙ යාලුවගෙයි ෆෝන් අරගත්තු ඒ කට්ටිය දෙන්නටම මාංචු දැම්මා. මගේ දරුවා කොහෙද එක් කරගෙන යන්නේ කියලා මම ඇහුවා. අපි පොලිසියෙන්… පොලිසියට ඇවිල්ලා ළමයි එක්කරගෙන යන්න කියලා කිව්වා. ආයුධත් තිබුන නිසා මම හිතුවේ ඒගොල්ලො පොලිසිය කියලා.”

“ඉමන්ත පුතයි එයාගේ යාලුවයි පහළට එක් කරගෙන ගිහිල්ලා ජිප් එකක දාගෙන අරන් ගිහින්. මගේ ලොකු පුතා තේ කෑල්ලට පැනලා හැඟුනා. ඒ නිසා එයාගේ ජීවිතය බේරුණා.”

” ඊට පස්සේ ලොකු පුතා ඇවිත් මගේ මහත්තයට කෝල් එකක් අරන් සිද්ධිය ගැන කිව්වා. ලොකු පුතයි මහත්තයයි කහවත්ත පොලිසියට ගියා. පොලිසියට පුතා අරගෙන ඇවිත් තිබුණේ නෑ. . පස්සේ කහවත්ත කෑම්ප් එකටත් ගියා. එහෙත් පුතා අරගෙන ඇවිත් නැහැ. රෑ එකොළහට විතර අපිට ආරංචි වුණා කහවත්ත ඇන්දාන පාරේ කෙනෙක් මරලා දාලා කියලා. අපි ගිහින් බැලුවා. අනේ ඒ මරලා දාලා තිබුණේ ඉමන්ත පුතා…” අම්මා කීවාය. උඩට ගත් ඇගේ හුස්ම හිරවී තිබිණි.

“මගේ පුත්තු දෙන්නා කාටවත් වරදක් නොකර පාඩුවේ ඉන්න අය. හැබැයි ඒගොල්ලෝ අසාධාරණයට විරුද්ධව කතා කරනවා. ඒ හින්දම ගමේ කුඩු කාරයෝ එයාලා එක්ක තරහයි. මගේ මැරුණ පුතාට කුඩු ලේබලය අලවන්න එපා. කහවත්ත පොලිසිය හරියට වැඩ කළා නම් මගේ පුතා අද මැරෙන්නේ නෑ.” ඇය කීවාය.

” මගේ කොල්ලෝ දෙන්නාම මරන්නයි හැදුවේ. කෙනෙක් පැනලා ගිහින් හැංගුන නිසා බේරුණා. උන් උන්ගේ ෆෝන්වල තියන ෆොටෝ බල බලා තමයි පුතාව අඳුන ගත්තේ. මේ අපරාධයට කහවත්ත පොලිසියත් වගකිව යුතුයි. මුන්ගෙ අපරාධ ගැන පොලිසිය කිසිදෙයක් ගණන් ගත්තේ නැ. අන්තිමට මගේ කොල්ලා මරා දැම්මා. ”

මරණය සිදුවූ තැන හඩා වැටෙන ඉමන්තගේ තාත්තා…

“කුඩු ජාවාරම් කරුවන් එක්ක පොලිසිය සම්බන්ධයි”

” දැන් අපිට හිතෙන්නේ මත්කුඩු ජාවරම්කරුවන් එක්ක පොලිසියත් සම්බන්ධයි කියලා. දැන් සමහරු මරා දාපු දරුවටත් අපහාස කරනවා එයා කුඩුවලට සම්බන්ධයි කියලා. මම අම්ම කෙනෙක් විදිහට කියන්නේ. මගේ කොල්ලා ඒ පාදඩයො මැරුවා. දැන් ඒ කොල්ලට කුඩු කාරයෙක් කියලා අපහාස කරන්න නම් එපා. පුතා මේ අපරාධ කාරයින්ට විරුද්ධ වුනේ ගමේ වෙන විනාසය ඉවසා ගන්න බැරිව. එයා හොඳට ඉගෙන ගත්තා. ක්‍රීඩා කළා. එයාට ඕන උනේ පොලිසියට යන්න. ඒ උත්සාහයෙන් එයා හිටියේ. මරලා දැම්ම කොල්ලට අසාධාරණයක් කරලා ඌ ආයෙම විනාස කරන්න එපා. ” ඒ අම්මා කියන කතාව අසා සිටීමට අපහසුය.

දිවි ගලවා ගත් ඉමන්තගේ සොයුරා පවසන්නේ මේ කුඩුකාර අපරාධකරුවන්ගේ නම් ගම් විස්තර සමග විස්තර කිව්වේ නැත්තේ කහවත්ත පොලිසියේ බල්ලන්ට පමණක් බවය. තමන්ම අවස්ථා තුනක දී පොලිසියට තොරතුරු දී කුඩු ජාවාරම් කරුවන් අත් අඩංගුවට පත් කර දුන් බව කී මේ තරුණයා ඉන් අනතුරුව ඩුබායි සිට වට්ස් ඇප් දුරකථන ඇමතුම් ලබා දෙමින් පොලිසියට ලබා දුන් තොරතුරු අමිත් විසින් කියමින් මරණ තර්ජන එල්ල කරන බවය. තමන් හා සොයුරන් මරා දමන බවට වීඩියෝ කෝල් රැගෙන අවස්ථා ගණනාවක දි ප්‍රකාශ කළ බව කී මේ තරුණයා කහවත්ත පොලිසියට පැමිණිලි නොකළේ පැමිනිලි කර වැඩක් නැති නිසා බව පැහැදිලි කළේය.

කුඩු බිස්සන් කරන ගමේ උන්ට තමන් පැවසුවේ මේ බිස්නස් ගමෙන් පිට කරන ලෙසත් එසේ නොකළහොත් ගමේ තරුණයින් නිරපරාදයේ කුඩු කාරයින් ලෙස හංවඩු ගැසෙන බවත්ය. ” උන් ආවේ මල්ලිට වැඩිය මාව මරන්න… මමයි උන්ට විරුද්ධව ගොඩක් පැමිණිලි කළේ. මම දැන් කියන්නම්. කහවත්ත ඕඅයිසී ඔය කුඩු බිස්නස් එකේ ඉන්නවා. නැතිනම් මේ විදිහට රැකවරණයක් උන්ට ලැබෙන්නෙ නෑ. මල්ලිව හොයන්න පොලිසියෙන් ගියාට පස්සේ පොලිසියේ උන් අපට කතා කරලා තිබුණෙ කුඩු කාරයො වගේ. පොලිසිය හරියට හිටියා නම් අපට මේ අපරාදෙ වෙන්නේ නෑ…”

මේ වනවිට චෝදනා ලබන  කහවත්ත පොලිසියේ ඕඅයිසී සාමාන්‍ය රාජකාරි සඳහා යාපනයට මාරු කර යවා තිබේ. එය යහපත් ප්‍රවේශයක් සේ දකිමු.

ඉමන්තගේ වැඩිමහල් සොයුරා..

පොලිසියේ ප්‍රතිචාරය

ඝාතනය කර ඇති ඉමන්තගේ පවුලේ අය නගන චෝදනා කහවත්ත පොලිසිය ප්‍රතික්ශේප කරන්නේය. ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නැවත්වීමට වරින්වර සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද මෑතකදි ද වැටලිම් කළ බවද කහවත්ත පොලිසිය කියන්නේය. සැකකරුවන් තිදෙනෙකු මෙම මත්කුඩු ජාවරම ගැන අත් අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇතයි ද පොලිසිය පෙන්වා දෙන්නේය.

එමෙන්ම පොලීසිය පවසන්නේ තමන්ට ලද තොරතුරු රැසක් ඔස්සේ මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්,
ඝාතනය සම්බන්ධව පොලිස් කණ්ඩායම් 04ක් යොදවා විමර්ශන දියත්වන බවත්ය. සිද්ධිය සම්බන්ධව CCTV දර්ශන හා දුරකථන වාර්තා තොරතුරු සමග කරුණු රැසක් අනාවරණය කරගෙන ඇති බවත් පොලීසිය පැවසීය.

එහෙත් අපට පෙනෙන කතාවක් ඇත. ඝාතනය සිදුවූ මොහොතේ සිටම කහවත්ත පොලිසිය කුඩුකාරයින් සමග දීග කනවාදැයි ගමේ මිනිස්සු ප්‍රශ්න කළහ. මේ මරා දැමෙන්නේ කුඩුකාර පාදඩයින්ට එරෙහිව ගමේ විරෝධය ගොනු කළ තරුණයෙක් වීමත් ඔහුට කුඩුකාර ලේබල් අලවන තැනට පොලිසිය හැසිරෙන බවට චෝදනා එල්ලවීමත් සමග මේ විරෝධය දෙගුණ වී ඇත්තේය. ඉමන්තගේ මව කියන ආකාරයටම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම ක්‍රීඩා කෞෂල්‍යයෙන් හෙබි මේ 22 හැවිරිදි තරුණයාගේ අභිලාෂය වී තිබුණේත් පොලිසියට සම්බන්ධ වීමය. අපරාධයකට එරෙහිවීම අපරාධයක් බව සිතන්නට රටක තරුණයින්ට ඉඩ දිය යුතු නැති බව ඉමන්ත ජීවිතයෙන් වන්දි ගෙවා ප්‍රකාශ කර ඇත. නිවසේ සිටිය දී පොලිසිය ලෙස පැමිණ අත් විලංගු දමා පැහැරගෙන ගොස් දණගස්වා වෙඩි තබා ඝාතනය කළ බව කියන මේ තරුණයාගේ ඝාතනය මීට වඩා බරකින් මේ රට ගත යුතුව ඇති බව සමාජයක් ලෙස අවධාරණය කරන්නේ එබැවිනි.

අවසාන වශයෙන් දැන් ආණ්ඩුව සිය අඳෝනා නැවැත්විය යුතු බව යෝජනා කරමු. බලාපොරොත්තු සහගතව අලුත් රටක් ගොඩනැගීම වෙනුවෙන් එක් වෙමින් කාලය ශ්‍රමය වෘත්තීය හැකියාව මෙන්ම ජීවිතය ද දිය කළ මිනිසුන්ට දැන් වැල් බයිලා කියා පලක් නැත. අඩුම තරමින් මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතියවත් තහවුරු කරන්නට බැරි නම් මරා දැමූ එකා වෙනුවෙන් හෝ සාධාරණයක් ඉටු කළ යුතුය. මිනිස්සුන්ගේ ඉවසීමේ සීමා ලකුනු වනු ඇත්තේ ඒ සාධාරණය ඉටුවන තෙක් පමණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මධ්‍යම පළාතේ ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ ගේමක් නිසා පළාතේ ගුරු හිඟයක්… ගුරු අතිරික්තයක් පාසල් තුළ හොරෙන් නඩත්තු කරගෙන…

Next Post

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.