-
වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලද මෙම වෛද්‍යවරයා රෝගී කාන්තාවකගේ වකුගඩු දෙකම ගලවා දමා යළි වකුගඩු බද්ධය ප්‍රතික්ෂේප කර ඇය මරණීය අවදාමකට පත් කිරීම ගැන රෝහල සිදුකළ විමර්ශන වාර්තාව තවමත් සෞඛ්‍ය ලේකම්ගේ මේසය උඩ…
වකුගඩු ජාවාරමටත් සම්බන්ධ බවට චෝදනා ලබන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් දිගින් දිගටම ඇතිකර ඇති ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් අක්‍රීයව පැවති එම රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ වැඩසටහන පිළිබඳව වින්දිත පාර්ශවයක් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමෙන් පසු කලබල වී ඇති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයා වහාම එම ප්‍රතිකාර විධි ආරම්භ කරන ලෙස අදාල විශේෂඥ වෛද්‍යවරයාට සහ එම ඒකකයේ විශේෂඥ වෛද්‍යවරියට ලිඛිතව දැනුම් දී ඇත.
අප විසින් ද දිගින් දිගටම හෙලිදරවු කරන ලද මෙම වෛද්‍යවරයාගේ සදාචාර විරෝධී හැසිරීම සම්බන්ධව සාධනීය ප්‍රතික්‍රියාවක් රෝහල මගින් සිදු නොකළ පසුබිමක ජනාධිපතිවරයාට ලිඛිතව යොමුකළ සංදේශයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට, ජනාධිපති ලේකම්වරයාට, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ජයවර්ධනපුර රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාට පිටපත් සහිතව යොමු කිරීමෙන් අනතුරුව රෝහල් අධ්‍යක්ෂවරයා මෙසේ කලබලයට පත් වී ඇත. මෙම වකුගඩු බද්ධ කිරීමේ ව්‍යාපෘතිය පුද්ගලික හේතු මත හිතා මතා කඩාකප්පල් කළ බවට චෝදනා එල්ලවන විශේෂඥ වෛද්‍යවරයා මින් ඉහත දී වකුගඩු දෙකම ඉවත් කළ කාන්තාවකගේ වකුගඩු බද්ධ කිරීම සිදු නොකර එම සැත්කම ප්‍රතික්ෂේප කර තිබිණි. විශ්වාස කළ නොහැකි ඒ අගතිගාමී ක්‍රියාව හේතුවෙන් ඔහු වැඩ තහනමකට ද ලක්වුනේය. ඒ සම්බන්ධව ශ්‍රී ජයවර්ධනපුර රෝහල කළ විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව මාස 09ක් පුරා සෞඛ්‍ය ලේකම්වරුන් දෙදෙනෙකුගේ මේසය මත තිබෙන බව වාර්තා වේ. අදාල වෛද්‍යවරයාගේ දුෂ්ට හැසිරීම හේතුවෙන් අගතියට පත් වූයේ වකුගඩු බද්ධයක් සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ බී.ජී.එන් කුමුදුනී නැමැති රෝගී කාන්තාවය. මෙම වෛද්‍යවරයා විසින් ඇයගේ වකුගඩු දෙකම ගලවා දැමු පසු වකුගඩු බද්ධය මගහැරිම හේතුවෙන් මෙම කාන්තාවට මාස හයක කාලයක් පුරා සතියකට දින දෙක බැගින් රුධිර කාන්දු පෙරණ වාර 55ක් සඳහා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් වියදම් කරවා තිබිණි. මේ පිළිබඳව එම කාන්තාව ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරියට කළ පැමිණිල්ලක් මත සිදුකළ මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබූ බිහිසුණු යථාර්ථය වූයෙ මෙම චූදිත වෛද්‍යවරයා මේ ආකාරයෙන් රෝගීන් අපහසුතාවයට පත් කර සිය පුද්ගලික සේවාවන් පවත්වන තලවතුගොඩ රෝහලකට රැගෙන විත් නිර්දය ලෙස රෝගීන් සූරාකෑමේ ජාවාරමක පුරා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ යෙදී ඇති බවය. මේ ඒ කාන්තාව එදා රටට කී කතාවය. මෙම රෝගී කාන්තාවගේ වකුගඩු දෙකම ගලවා ඉවත් කර වකුගඩුවක් බද්ධ නොකිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල රෝහල් පරිපාලනය වෙත දැනුම් දී තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ය. ඒ අනුව සිදුකළ පරික්ෂණ වාර්තාවෙන් හෙළිදරවු වූයේ මෙම විශේෂඥ වෛද්‍යවරයා රෝගී කාන්තාවගේ වකුගඩු යුවල ගලවා දමා වකුගඩුවක් බද්ධ නොකර පුරා මාස හයක් තිස්සේ වකුගඩු බද්ධය අත්තනෝමතිකව ප්‍රතික්ෂේප කර ඇති බවය. ඒ හේතුවෙන් මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කිරීමට එවකට රෝහල් පරිපාලනය කටයුතු කළේය. එවකට සිටි රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව එවකට සෞඛ්‍ය ලේකම්වරයාව සිටි පාලිත මහීපාල වෙත යොමු කර තිබුණ ද ඔහු අපරාධය සම්බන්ධව ඉදිරි පියවර නොගෙන තිබුණා පමණක් නොව, වත්මන් සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ ඒ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන තිබුණේ නැත. ඒ තත්ත්වය තුළ උක්ත විශේෂඥ වෛද්‍යවරයා සහ වකුගඩු බද්ධකිරීමේ ඒකකයේ වකුගඩු රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය අතර ඇති වුන මතභේදකාරී තත්ත්වය ඇතුළු ගැටලු කීපයක් මත වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නවතින තැනකට පත් වී තිබුණු බවත් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මේසය මත අති උක්ත වෛද්‍යවරයා සම්බන්ධ විමර්ශන වාර්තාවට මේ වනතුරුත් ක්‍රියාමාර්ගයක් නොමැති වීම මෙම තත්ත්වය උග්‍ර වී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අත්හිටවීම දක්වා වර්ධනය වූ බවත් විශ්වාසකටයුතු රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. විශේෂත්වය වන්නේ මේ වනවිටත් ධූරයේ සිටින ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා යටතේ උක්ත විශේෂඥ වෛද්‍යවරයාට එරෙහි විනය පරීක්ෂණය තිබුණත් ඔහු ඒ පිළිබඳව කටක් ඇර ප්‍රකාශ නොකිරීමත් ජනාධිපතිවරයාට යැවූ ලිපිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටත් පිටපත් කර ඇති බව දුටු විට දෙකොන පත්තුවීමත්ය. මේ වකුගඩු බද්ධ සැත්කම් අත්හිටවා තිබීම හේතුවෙන් පොරොත්තු ලේඛනයේ සිටි රෝගීන් මරණයට පත් වූ අවස්ථා ද වාර්තා වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ තත්ත්වය තුළ රෝගී ජීවිත බිල්ලට දෙමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් අත්තනෝමතික හැසිරීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවට තමන් ඉල්ලීමට සූදානම් බවත් රෝහලේම ඇතැම් පාර්ශවයන් පවසයි. මේ වනවිට රෝහල් අධ්‍යක්ෂවරයා තම රෝහලේ වකුගඩු බද්ධ ඒකකයේ ප්‍රශ්නගත විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍යවරියට ලිඛිතව දන්වා ඇත්තේ ඇති වී තිබෙන පුද්ගලික ගැටුමක් වකුගඩු බද්ධ කිරීමේ අඛන්ඩතාවය පවත්වාගෙන යෑමට බාධා එල්ල කර ඇති බවත්, ඒ හේතුවෙන් නිධන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ ජීවිත සහ යහ පැවැත්ම අනතුරේ හෙළන බවත් දන්වා ඇත. මෙම සේවාවේ තීරණාත්මක වැදගත්කම සහ මෙම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පවරා ඇති සදාචාරාත්මක වගකීම සැලකිල්ලට ගෙන, වහාම ක්‍රියාත්මක වන පරිදි වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නැවත ආරම්භ කර වැඩසටහනේ අඛණ්ඩතාව, කාර්යක්ෂමතාව සහ වෘත්තීයභාවය සහතික කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජයවර්ධනපුර රොහල් අධ්‍යක්ෂවරයා ලිඛිතව දන්වා තිබේ. රුපියල් 17500ක් පමණ වටිනා ශල්‍ය උපකරණ රුපියල් දෙලක්ෂ පනස් දහසක් දක්වා වූ මුදලකට විකුණමින් ජාවාරම් කළ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අත් අඩංගුවට පත් වී දැන් බන්ධනාගාරගතව ඇත. රෝහල් ආරංචි මාර්ග පවසන ආකරයට ඇයගේ මේ ජාවාරම ගැන ද රෝහලේ ඉහළ පරිපාලනය හොඳින්ම දැනුම්වත්ව සිට ඇත. එහෙන්ම මේ සම්බන්ධව මින් ඉහතදී කළ විමර්ශන කීපයක්ම යට ගසා ඇති බවත් දැන් හෙළිදරවු වී තිබේ. මේ ලිපිත් කියවන්න –රෝගී කාන්තාවකගේ වකුගඩු දෙකම ගලවා දමා වකුගඩුවක් බද්ධ කිරීම වර්ජනය කළ දොස්තර ගුඩ්ඩා ගැන වාර්තාව සෞඛ්‍ය ලේකම්ට!
ජයවර්ධනපුර රෝහලේ වකුගඩු මාෆියා දොස්තරට එරෙහිව තීන්දුවක් ගන්න හිටපු සෞඛ්‍ය ලේකම් මහීපාලට කොන්දක් තිබිලා නැතිලු….







