සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුධ තත්ත්වය නිසා ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිම ඉඩක් නෑ… අනවශ්‍ය විදිහට තොග රැස් කරලා රටේ ඉන්ධන කළමනාකරණය කඩාකප්පල් කරන අයට දැඩි දඬුවම් ලබා දෙනවා… බලශක්ති ඇමති කියයි!

by editor
ජූනි 18, 2025
in පුවත්
kumara-Jayakody
Share on FacebookShare on Twitter

ඉරාන ඊශ්‍රයාල යුද්ධය හේතුවෙන් ඉන්ධන හිඟයක් හෝ ඉන්ධන මිල වැඩිවීමක් සම්බන්ධව කිසිම අවදානමක් නොමැති බව විදුලි බල හා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි අද (18) අවධාරණය කළේය.

ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේ අගොස්තු මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග සඳහා ලංසු කැඳවා ටෙන්ඩර් ප්‍රදානය කර අවසන් බවය.

එමෙන්ම මේ වසරේ දෙසැම්බර් දක්වා සැපයුම්කරුවන් ගිවිසුම්ගත වී කොන්ත්‍රාත් අත්සන් කර ඇති බවත්,  ඉන්ධන තොග සැපයුම්වලට අදාලව කිසිම සැපයුම්කරුවෙක් මේ දක්වා ගැටලුකාරී තත්ත්වයක් මතු කර නැති බවත් ඇමතිවරයා කීවේය.

“වර්තමාන ඛනිජ තෙල් තොග තත්ත්වය බලනකොට මේ අගෝස්තු අවසන් වනවිටත් තොග සැපයුම තහවුරු කරන්න පුලුවන්. අපේ ගබාඩවල වගේම ලැබෙමින් ඇති තොග එක්ක ඒක සපුරන්න හැකි වෙලා තියනවා.”

“මේ අවුරුද්දේ දෙසැම්බර් දක්වා ටෙන්ඩර් කැඳවලා කොන්ත්‍රාත් අත්සන් කරලා තිබෙන්නේ. සපුගස් කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් සැපයුමත් දෙසැම්බර් දක්වා සම්පූර්ණ කරලා තියනවා. තෙල් හිඟයක් ඇතිවීමට හෝ විශාල ඉන්ධන මිල වැඩිවීමක් වීමට කිසිම ඉඩක් නෑ.”

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

“පැමිණෙන තොග බහුතරයක් ඒ කියන්නේ 95%කට වඩා ගැටුම් සහිත කලාපයෙන් පිට. අපට ඉන්ධන තොග එන්නේ ඉන්දියාව සිංගප්පුරුව මැලේසියාවෙන් . බොර තෙල් වගේම පිරිපහදු කරන ලද තෙල් සැපයීම සම්බන්ධව මාස දෙක හමාරක් යනකම්ම කිසිම ගැටලු සහගත තත්ත්වයක් පෙනෙන්න නෑ. එතනින් එහාට ගත්තත් ගිවිසුම් ගත වෙලා ඉන්න සැපයුම්කරුවන්ගෙන් සැපයීමේ අපහසුවක් හෝ අඩාලතාවයක් ගැන කිසිම දැනුම් දීමක් නෑ.” ඇමතිවරයා කීවේ එසේය.

ලෝක වෙළෙඳපලේ තෙල් මිලෙහි උච්ඡාවචනයක් සිදුවන ආකාරයට පිරිවැය ගැලපුම් ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිලෙහි අඩු වැඩිවීමක් සිදුවිය හැකි වුවද එය හුදු ලංකාවට බලපාන හුදකලා ප්‍රශ්නයක් නොවනු ඇති බවත්,  ලබන මාසයේ ඉන්ධන මිලෙහි වැඩිවීමක් සිදුවීමට ඉඩක් නොමැති බවත් ඇමතිවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන කළමනාකරණය කරමින් මේ ගැටලුවට මුහුණ දීමට රජය සැලසුම් කරමින් සිටින බවය.

ඒ හේතුව නිසා ඉන්ධන තොග රැස්කිරීමේ කිසිම අවශ්‍යතාවයක් ජනතාවට නැති බවත් ඉන්ධන තොග රැස් කිරීම නීතියෙන් ද තහනම් බැවින් එසේ කරන්නවුන් සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ ඉන්ධන ඇනවුම් කරන්නේ රටට අවශ්‍ය මාසික ඉන්ධන ප්‍රමාණය සහ රටේ ගබඩා පිළිබඳ කරන ගණනයකින් අනතුරුව බැවින් අනවශ්‍ය තොග රැස්කීමකට ගියහොත් සිදුවන්නේ මේ කළමනාකරණය බිඳ වැටී අනවශ්‍ය අනවශ්‍ය ගැටලුවක සමාජයම පැටලීම බවය.

එමෙන්ම රට තුළ අනවශ්‍ය භීතියක් ඇති කරමින් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ තරයේ හෙළා දකින බව ද ඇමතිවරයා පැවසුවේය.

ඇමතිවරයා රටට කී කතාව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඕනෑම ආකාරයක ඇමරිකානු මැදිහත් වීමකින් හැරවිය නොහැකි විනාශයක් සිද්ධවේවි… කමේනි ට්‍රම්ප්ට අනතුරු අඟවයි…

Next Post

දේශබන්දුට එරෙහි විමර්ශනයේ දී වැලිගම W15 හෝටලයට වෙඩි තබා පලා යමින් සිටි පොලිස් මැරයින් ඉමදූව පිවිසුමේ දී අත් අඩංගුවට ගත් පොලිස් සැරයන් ලබා දුන් සාක්ෂිය –

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.