අත් අඩංගුවට පත් වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින බව පොදු ජන පෙරමුණ පවසයි. අද (11) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයින් අවමානයකට පීඩාවට ලක් කරමින් සිදුකරන මේ අත් අඩංගුවට ගැනීම් නිසා පවතින ක්‍රමවේදය බිඳවැටෙන බවත් එය සිදුකිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත්ය.
” රජයේ ජ්‍යෙෂ්ඨ සේවකයින් අවමානයට හෑල්ලුවට ලක් කරමින් ඔවුන්ව සිරගත කරමින් මේ ආකාරයට කටයුතු කිරීම තුළ අප දකිනවා මේ තියන ක්‍රමවේදය බිඳ දැමීමකට උත්සාහ දැරීමක්. ඒ කියන්නේ ආයතන ප්‍රධානියෙක්, පොලිස්පති වරයෙක්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙක් වැනි පුද්ගලයෙක් අත් අඩංගුවට පත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් රජය විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද එවැනි කාරනාවක් මත මුලු පද්ධතියම බිඳවැටීමකට ලක් වෙනවා. විශ්වාසනීයත්වය බිඳවැටීමකට ලක් වෙනවා.”
“මේ රටේ අසාධාරණයට ලක්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය සියලු කටයුතු අපි මේ වනවිට සම්පාදනය කරමින් ඉන්නවා.” පොහොට්ටු මහලේකම්වරයා සහතික වුනේය.








me aya hadpu hora kemata purudu karpi ayata kelawenawata harima amaruwen inne thawath parampara ganakata hariyanna horakamat aanubala denta epa mahatthayo baila gahana umbala wajbenta api hig akanta horunta shot eka dennama ona