පසුගිය වෙසක් පොහොය දිනයේ ජනාධිපති පොදු සමාව ලයිස්තුවේ නම ඇතුළත් නොවුන සිරකරුවන් තුන් දෙනෙක් අනුරාධපු බන්ධනාගාරයෙන් පමණක් නිදහස් වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අද අධිකරණයට දැනුම් දුන්නේය. ඒ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ වැඩ තහනම් කළ බන්ධනාගාර අධ්යක්ෂ ජනරාල් තුෂාර උපුල්දෙණිය යළිත් වරක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී වෙත සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කළේ බන්ධනාගාර තුළ වෙනම නඩු අසා ඇති බවය.
“ස්වාමීනී… ඊයේ දිනය වනවිට කරන ලද විමර්ශනය අනුව මේ ප්‍රශ්නගත සැකකරුට අමතරව තවත් සැක කරුවන් තිදෙනෙක් ජනාධිපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉකුත් වෙසක් පොහොය දා නිදහස් වෙලා තියනවා. ලංකාවේ සියලුම බන්ධනාගාර ගැන අපි විමර්ශනය කරනවා. මොකද ඔවුන් වෙනම රාජ්‍යයක් හදාගෙන බන්ධනාගාර රජ්ජුරුව් වගේ තමන්ගේ අභිමතය පරිදි සිරකරුවන් නිදහස් කරලා.” අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කීවේය.
මේ අතර බන්ධනාගාර කොමාසාරිස් ජෙනරාල්වරයා ඔහුට අනුරාධපුරයෙන් ලැබුණ 37 දෙනෙකුගේ නම් ලයිස්තුවෙන් එක් නමක් ඉවත් කර අධිකරණ අමාත්‍යාංශය හරහා ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයි වාර්තා වේ. අධිකරණයේ දී අනාවරණ වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට යැවූ නම් 36ට අනුමැතිය ලැබීමෙන් පසු කොමාසාරිස් ජෙනරාල්වරයා නැවත අනුරාධපුරයට යැවූ ලේඛනයකින් නම් 37ටම අනුමැතිය ලැබුණු බව දැනුම් දී තිබුණු බවය.
“එතන එක් සැකකරුවෙකුට ජනාධිපති පොදු සමාවක් හිමිව නැහැ. ජනාධිපතිවරයා ලබා දීලා තියෙන්නේ 36 දෙනෙකුට පමණයි. මේක මොහු විසින් ලබා දීපු සමාවක්. මොහු මේ කරලා තියෙන්නේ මොහුගේ බලතල පාවිචිච් කරලා කූඨ ලේඛන සැකසීමක්. ”
” ස්වාමීනි. ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවන සිරකරුවන්ගේ නම් ලේඛනගත වෙලා තිබෙන්නේ යොමු අංකවලින් පමණයි. සිරකරුවාගේ නම, කළ වරදේ ස්වභාවය, දඬුවමක් ගැන කිසිම තැනක සඳහන් වෙලා නැහැ. මේ සියල්ල වංක ස්වභාවයෙන් සිය අභිමතය පරිදි කරපු දේවල්. ඒ ලේඛන කවද හරි ඕන වෙයි කියලා හිතාගෙන තමයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේවා මේ රාජ්‍ය ආයතනවල පවත්වාගෙන යන ආකාරයේ ලේඛන පොත් නෙමෙයි.” අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.
දෙපාර්ශවයේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලබන 26 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.







