බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

හෝටලයට වෙඩි තිබ්බෙ ආණ්ඩු දේශපාලකයෙකුගේ පාතාල බොඩිගාඩ්

by editor
මැයි 31, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

පොලිස් නිලධාරීන් බලා සිටියදී රත්මලානේ ලක්මැදුර හෝටලයට ඉකුත් 28 වෙනිදා රාත්‍රියේ වෙඩි තබා ඇති කොණ්ඩා ජනති නැමැති පාතාල අපරාධකරු මෙවර මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජනප පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරන අයෙක් බව අනාවරණය වී ඇත.

  • ධනංජයගෙ තාත්තා ජීවත් වෙලා හිටියා නම් මෙවර මැතිවරණයට පොදු ජන පෙරමුණෙන් තරග වදින්නෙ ඔහු

  • ඔහුව මැරුවේ මහාපරිමාණ කුඩු පාතලයෙක් වුණු ඩුබායිහි ජීවත්වන අංජු

  • දැන් කුඩු අංජු පොදු ජන පෙරමුණේ කොළඹින් තරග කරන දේශපාලකයෙකුගේ ආරක්ෂාව භාරගෙන…

  • හෝටලයට වෙඩි තිබ්බෙ අංජු දේශපාලකයගෙ බොඩිගාර්ඩ් කමට දාපු කොණ්ඩා ජනිත…

  • පොලිසියටත් වලංගු නෑ… මෙහෙම ගියොත් දේශපාලන ඝාතනයක් වේවි යැයි පොලිස් අනතුරු හැඟවීමක්

එම පාතාල අපරාධකරු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්ව 2018 වසරේ මැයි 24 වෙනිදා ඝාතනය කිරීමකට බන්ධනාගාරගතව සිට ඇප ලබා මෑතකදී නිදහස්ව පැමිණි අයෙක්වන කොණ්ඩා ජනිත් නැමැත්තාය. ඝාතනය වූ හිටපු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් වන අතර ඔහුගේ වැඩිමහල්පුතා ඒ වන විට දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතුකරමින් සිට ඇත. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ බාල පුතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාය.

ධනංජයගේ පියා ජීවතුන් අතර සිටියේ නම් මෙවර මහා මැතිවරණයට තරග කරන්නේ ඔහුය. ධනංජයගේ පියාගේ ඝාතනය කුමන අරමුණකින් එදා සිදුවූයේදැයි පැහැදිලිව අනාවරණය නොවූවත් එය පාතාලයේ ගැටුමක් බව පොලීසිය සඳහන් කළේය. ඩුබායි රටේ සිය බිරිඳ සහ දරුවන් සමග සැගව සිටින මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන අංජු නැමැත්තා විසින් ධනංජයගේ පියාගේ ඝාතනය මෙහෙයැවූ බව කියති.

කුඩු අංජුගේ කොන්ත්‍රාත්තුතව

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

කොණ්ඩා ජනිත පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු සඳහන් කර තිබුනේ අංජු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව එම ඝාතනය කළ බවත් ධනංජයදට වෙඩි තබන ලෙස තමාට පැවැසූ බවත්ය. එදා ධනංජය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයකට සහභාගිවී සිටීම නිසා ඔහුගේ දිවි බේරී තිබුණි.

කොණ්ඩා ජනිත ලක්මැදුර හෝටලයට වෙඩි තැබීමට සම්බන්ධ බව හෙළිකර ගන්නේ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයයි. ඒ අනුව ඔහුව පානදුර පැත්තේ රැදී සිටියදී 30 වෙනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. එහෙත් පොලීසිය පැත්තෙන් නම් කියැවෙන්නේ එය අත්අඩංගුවට ගැනීමක් නොව කල්තියා කළ සැළසුමකට අනුව භාර වීමක් බවය. වෙඩි තැබූ ගිනි අවිය මෙන්ම වෙඩි තැබීමට ගමන් කළ වැගන් ආර් රථයද සොයා ගෙන නැත.

දේශපාලකයාගේ ආරක්ෂාව  

ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ ඩුබායි සිට අංජු විසින් කළ දැනුම් දීමකට අනුව හෝටලයට වෙඩි තැබූ බවය. ඊට පෙර මැයි 19 වෙනිදාද හෝටලයට ප්‍රහාරයක් එල්ලකල බවද ඔහු සදහන්කර තිබේ. මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයාගේ ආරක්ෂාවට තමා ගියේද අංජුගේ කීමට බවද ඔහු පවසා ඇත.

කොරොනා වසංගතය අස්සේ අදාල දේශපාලනඥයා විසින් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර මළු බෙදා හැර ඇති බවත් අංජු ඩුබායි සිට ඊට සහය දක්වා ඇති බවත් අනාවරණය වී තිබේ. ලක්මැදුර හෝටලයේ හිමිකරුටද අංජු ඇමතුමක් දෙමින් අදාල දේශපාලනඥයාට භාණ්ඩ බෙදීමට රුපියල් ලක්ෂ 05 ක් දෙන ලෙස දැනුම් දී ඇති බවද හෙළිවී ඇත. තමාට එතරම් මුදලක් ලබාදීමට නැති බවත් හාල් මුට්ට 15 ක් උවමනානම් දෙන්නම් යැයි සදහන්කර තිබෙන බවත් දැන් හෙළිවෙමින් ඇත. එම මුදල ලබානොදීම හේතුවෙන් උරණ වී කොණ්ඩ ජනිත් යොදා හෝටලයට මැයි 19 වෙනිදා ප්‍රහාරයක් එල්ලකර ඇතැයි හෙළිවී තිබේ. අනතුරුව අංජු නැවත වරක් හෝටල් හිමිකරුට දුරකථන ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ තමාගේ ඉල්ලීම ඉටුකරලීමට නොහැකි වූ නිසා කෝටියක මුදලක් අවශ්‍ය බවය. එවැනි මුදලක්  ලබා නොදුනහොත් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන බවද සඳහන් කර ඇත.

පොලිිසියටත් වලංගු නෑ…

ඒ ගැන ඔහු ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර පොලීසිය ඔහුගේ හෝටලයට සන්නද්ධ ආරක්ෂාවක්ද යොදවා තිබේ. 28 වෙනිදා රාත්‍රියේ හෝටලය අසලට පැමිණි කොණ්ඩා ජනිත් ටී 56 අවියකින් වෙඩි තබන්නේ පොලිස් නිලධාරීන් බලා සිටියදීය. එය වලක්වාලීමට පොලීසිය කිසිවක් කර නැති අතර අඩුම තරමින් වෙඩිල්ලක් තබාහෝ ප්‍රතිප්‍රහාරයක් එල්ලකර නැත.

එසේ හැසුරුණු පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්ස පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇතත් අංජුගේ පාතාල කල්ලිය බරටම දේශපාලනයේ නිරතව සිටින බැවින් ඔවුන්ව පාලනය කිරීමටද පොලීසියට දැන් ලොකු බාධාවන් එල්ලවන්නට පටන්ගෙන ඇති බව පොලීසිය පැත්තෙන්ම කියැවේ.

මෙම කල්ලිය පාලනය කිරීමට බලධාරීන්ගේ සහය පොලීසියට නොලැබුණහොත් මැතිවරණ වේදිකාවකදී හෝ රැලියකදී හෝ මැතිවරණ ප්‍රචාරණ වැඩ සටහනකදී දේශපාලන ඝාතනයක් සිදුවීම වැලැක්වියබ නොහැකි බව පොලීසියේ බොහෝ දෙනෙක් කියති.

Tags: විශේෂ
Share81Tweet43
Previous Post

ආසියානු බොක්සිං ශූරතාවට ශූර ශූරියන් තේරීම ‘ලේටන්’ කුසලානයේදී

Next Post

වාලච්චේන කඩදාසි මෝලට විමල්ගෙන් යළි පණ…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.