එල්ටීටීඊය සමඟ ගැටුම අතරතුර රටින් පලා ගොස් සරණාගතයින් ලෙස ඉන්දියාවේ පදිංචිව සිටි පුද්ගලයින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා පවතින නීතිමය බාධක ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ, එම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා පවතින ආගමන හා විගමන නීති සංශෝධනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවය.
පවතින ආගමන හා විගමන නීති ඔවුන්ගේ නැවත පැමිණීමට බාධාවක් වී ඇති බවත්, එබැවින් එම නීති සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කර තිබේ.
එල්ටීටීඊය සමඟ ගැටුම අතරතුර, උතුරු පළාතේ පදිංචිව සිටි විශාල පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩුවට පලා ගොස් සරණාගත කඳවුරුවල පදිංචිව සිටිති.







