මනම්පිටිය නිමල් ජයරත්නන –
මඩකලපුව බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 2700 ක් ළඟ තබා ගැනීමේ වරදට අද (02) රාත්‍රී 7.30 ට පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
27 හැවිරිදි නියාමකයා මඩකලපුව බන්ධනාගාරයේ නියාමකවරයකු ලෙස රාජකාරී කරන අතර නිවාඩු ලබා පැමිණ සිටියදී හෙරොයින් සමග මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව අභයපුර පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.
පොළොන්නරුව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ආර්.පී.එම්. රණසිංහ ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී එම නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා හෙට ( 03 ) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.ඩබ්ලිව්. ගුණරත්න ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.







