බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

කුමණ මහා වන අරණේ බඹරගස්තලාව ගිරිලෙන්හි වැඩ හිඳ මහා වීර්යයෙන් බවුන් වඩන අප්‍රකට හිමිවරු…

by editor
මැයි 27, 2025
in සංස්කෘතිය
කටාරම් කෙටූ පෞරාණික ලෙනක්...

කටාරම් කෙටූ පෞරාණික ලෙනක්...

Share on FacebookShare on Twitter

සම්පත් සිරිවීර –

සංසාරයේ මහා ගැඹුරු පදරුත් සොයා භාවනානුයෝගීව වැඩ වාසය කිරීම අරමුණු කරගත් තපෝ ගුණ පූර්ණ දේශීය හිමිවරු මෙන්ම ලංකාවට වැඩම කරන විදේශීය බෞද්ධ හිමිවරුද මහා වීර්යයන් සහිතව ආරණ්‍යගත වෙති. උන්වහන්සේලා සුළඟ සේ අප්‍රකටය. වන අරණක ආත්මය තුළ ගිලී ගොස් එහිම අනාගන්තුව ඊට මුහු වන්නෝය.

මේ මහා අසිරිය දුටුවෙමි. අත් වින්දෙමි. සහශ්‍ර දෙකක ඉතිහාසයේ එක් වකවානුවක අප්‍රමාණ සිල් සුවඳ විහිදුන පුදබිමක් වූ කුඩුම්බිගල සෙනසුන වටා පැතිර ගිය භාවනුයෝගී භික්ෂූන් වැඩ වාසය කළ ලෙන්වල අප්‍රකටව බවුන් වඩන උන්වහනසේලාගේ වීර්යය පූර්ණ ජීවිත මවිත කරන සුළුය.

ඒ හිමිවරුන්ගේ අධ්‍යාත්මික චින්තාව ඇත්තේ මහා පුරුෂයින් සේ සිතා සිටිනා බොහෝ ලෞකික මනුෂ්‍යයන්ගේ සිතිවිලි මානයටත් අතිශය ඔබ්බෙනි.

බඹරගස්තලාව ලෙන් භූමිය…

උන්වහන්සේලා අපට හමුවන්නේ කුඩුම්බිගලට දුරින් කුමණ ජාතික වනෝද්‍යාන්යේ බඹරගස්තලාව ශිඛරය අසලදීය. ඒ විසල් ගල් පව්ව ඉතිහාසය පුරා හිමිවරුන් බවුන් වැඩූ ලෙන් ආරාම සහිත පුදබිමක පුරාවිද්‍යාත්මක සලකුණු තබා ඇත. ඒ ලෙන් මේ වනවිට වග වලසුන්ගේ ලැගුම් බිම්ය. කුමණ වන අරණ තුළ සරන විසල් කොටියා ද මේ ලෙන් භූමිය වාසස්ථානකොට ගත්තෙකි. අනෙක් බොහෝ ලෙන්වල වලස්සු වාසය කරති. ඒ අතරේ අත්හැරුණු ලෙන් තුනක හිමිවරු තිදෙනෙක් බවුන් වඩමින් උන්හ. උන්වහන්සේලාගෙන් එක් හිමිනමක් විදේශික හිමි නමකි.

උන්වහන්සේලා දන් වළඳන්නේ දිනකට එක් වේලකි. ඒ සඳහා කිලෝ මීටර 9ක් දුරින් ඇති කුඩුම්බිගලට ඒ හිමිවරු උදෑසන වැඩම කරති. යළි වඩින අතර පසුකර එන දිය කෙම්වලින් පෙරා ගත් පැන් කලයකින් පැන් පවස නිවා ගනිති. ආවරණයක් රහිත ලෙන්හි වැඩ වාසය කරමින් මුළු කාලයම බවුන් වඩති. පැය කීපයක් එම ලෙනෙහිම සැතපෙති.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

දකිනවුන් නිවා සැනහිය හැකි වචනයට නැගිය නොහැකි මහා උපශාන්ත දැකුම් සහිත ඒ හිමිවරුන්ට මේ බිමේ සැරිසරන එකම වන සතෙකුගෙන් හෝ හානියක් නොවේ. කුමණ මහ කොටියා පනින්නට ගොස් මග හැර ගිය භාවනුයෝගී හිමිනකම වැඩ වාසය කරන්නේ මේ ලෙන් ආරමයේය.

“කිසිම බියක් ඇති වුනේ නෑ මට. මම ඉතිපිසෝ ගථාව මුමුණමින් හිටියා. ඒ සතා පනින පිම්ම අත්හැරලා මගේ ලඟින් යන්න ගියා…” උන්වහන්සේ කීහ.

දිය කෙමක්…

එකිනෙකට මීටර 400කට නොවැඩි දුරකින් පිහිටි ලෙන් ආරාම තුනක  විදෙස් හිමියන් ඇතුළු හිමිවරු තිදෙනෙක් මේ වනවිට බවුන් වඩමින් සිටිති.

මේ බිම දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුය. එම භූමිය දැඩි රක්ෂිතයකි. මනුෂ්‍ය ක්‍රියාකාරකම් තහනම්ය. එහෙත් මේ භාවනුයෝගී භික්ෂූන්වහන්සේ මේ වන අරණෙහිම අධ්‍යාත්මය හා බැඳෙමින් කිසිම දෙයක් හා නොබැඳී අරමුණුගතව හිඳී නම් එ් තත්ත්වයන් ජාතියක් විසින් රක්ෂා කළ යුත්තේ ඉතිහාසගත උරුමයක ජීවමාන ස්වරූපය එය බවට වූ දෘෂ්ඨිය ද සමගය.

අප මේ කියන කතාව සංස්කෘතික ඇමති ආචාර්ය සුනිල් සෙනවි සහෝදරයාට බර වැඩි විය යුතු නැත. උරුමය මහා පරාසයක් තුළ පැතිරී යන්නකි. නිස්සරණාධ්‍යාශයෙන් වනගතව සංසාරික බැඳීම් වලින් මිදී නිර්වාණ සාක්ෂාත් කරගැනීමේ අභිලාෂ සහිතව බවුන් වඩන හිමිවරුන්ගේ කුලකයක් මේ රටේ ඉතිහාසය පුරාම උන්හ. තවමත් එම පරපුර ජීවමාන කරන හිමිවරුන්ගේ අප්‍රකට ජීවිත අප හඳුනාගෙන නැත. එය අපට නෑසෙන මානයකට විතැන් වූයේ කෙසේ දැයි අප අප විසින්ම විමසා ගත යුතුව ඇත්තේ සංස්කෘතික ශික්ෂණයක් ලද ජාතියක් ලෙසය.

මේ වන දහනේ බවුන් වඩන හිමිවරු පැන් පහසුව හැර වෙන කිසිවක් නොපතති. එහෙත් පවතින නෛතික පරිසරය තුළ එවැන්කට ඉඩක් නැත. මේ බිමට නුදුරින් නල ළිඳක් බදු ජල පහසුව සපයන ජල මූලාශ්‍රයක් අවම මැදිහත්වීමකින් සලසා දිය නොහැකි තරම් අප නෛතික මනුෂ්‍යයින් ද?. අපට එය කර දිය නොහැක්කේ ඇයි?. අප විසින්ම විමසා බැලිය යුතුය.

මහා අධ්‍යාත්මික උරුමයක් ආරක්ෂා කරගෙන සජීවී කිරීමට හැකි අවස්ථාව විධග්ධ ලෙස කළමනාකරණය කරගෙන සමාජයක් ඉදිරියේ අසීමිත ගෞරවයකට පත් විය හැකි අවස්ථාවක් ආණ්ඩුවකට උදාවන්නේත් කලාතුරකිනි. දැන් ඒ අවස්ථාව මේ රටේ සංස්කෘතික ඇමති සහෝදරයා ඉදිරියේ තිබේ. ඔහුට එය එම බරින් ගත හැකි පෞරුෂයක් තිබේ යැයි විශ්වාස කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිය අවුරුද්දේ මේ කාලයට වඩා මාරක රිය අනතුරු සියයට 7කින්, මරණ සියයට 09කින් වැඩි වෙලා… රිය අනතුරු වැලැක්වීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය ෆේල් ද?

Next Post

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හැදූ අතිරේක ආගමන විගමන පාලක ජනරාල් රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.