මේ රජය වැඩක් බැරි, අදක්ෂයන් කණ්ඩායමක් බව දත්ත වලින් පෙන්නුම් කරන බවත් ලුණු උදාහරණයක් කොට දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශක් කළේය . ඔහු කීවේ 2028 දී මේ රට බංකොලොත් වීමට නියමිත බවය.
සජිත් ප්‍රේමදාස සිය කතාවේදී මෙසේ ද පැවසුවේය.
“මෙතන ගැටලුව තියෙන්නේ මේ රජයට බැරි වෙලා තියනවා හරි ආකාරව මේ ගැටලුවක් හඳුනාගෙන පුරෝකථනය කරන්න. ඒකට මේ රජයට තේරුමක් නෑ හැකියාවක් නෑ. පුරෝකථනයක් නෑ. ලුණු ගැන ගත්තොත් කාලගුණික දේශගුණික තත්ත්වයන් ගැන අවබෝධයයක් ලබාගෙන ඇති විය හැකි හිඟය සඳහා විසඳුමක් සපයන්න බෑ. ඒක අත්තක්.
ඔබතුමන්ලට වැඩ බෑනේ. අදක්ෂයො කණ්ඩායමක් නෙ. වැඩ බෑ නේ. ඒක මේ දත්ත වලින්ම පැහැදිලියි.
මේ හිඟයක් ඇති වෙනවා කියලා දැන දැනත් මෙට්‍රික් ටොන් 4050ක් ඇනවුම් කරනවා. එ්ත් ඒක වෙන්නේ නෑ. දේශගුණික කාලගුණික තත්ත්වයන් ගැන අනෙක් හැමෝම දන්නවා. පාලකයො දන්නේ නෑ. පැහැදිලිව මේ ලුණු ප්රශ්නයේ දී පෙනුනා. ඔබතුමන්ලා රජයක් හැටියට ලුණු ගැන පමණක් නොවෙයි… රාජ්‍ය පාලනය තුළ ඔබතුමන්ලට තියෙන්න ඕන යම් කිසි සැලසුම්කරණයක්. මොකක්ද ඔබතුමන්ගේ සෙනාරියෝ ප්ලෑන් එක ජීඑස්පි ප්ලස් ගැන. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ආරක්ෂක බැමි ගැන වැඩපිළිවෙළ.
ආණ්ඩුවෙන් යවපු ලිපියකටලු දින අනූවක් සහන දුන්නේ. ඔය වගේ විහිලු කතා කියලා වැඩක් නෑ. ආණ්ඩුව නියෝජනය කරගෙන වෙනම නියෝජිත කණ්ඩායමක් ගියාලු. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වා. කෝ ඒකාබද්ධ නිවේදනය. ඒක පාර්ශවීය නිවේදනයක් රජය නිකුත් කරලා තියනවා. රජය තමන්ට හිතපු දේ තමන්ගේ නියෝජිතයො කියපු එක ප්‍රකාශ කරනවා. මෙහෙමද රටක් පාලනය කරන්නේ.
මම ඉදිරිපත් කළේ දත්ත… කිසිම කෙනෙකුට බොරුවක් කියන්න බෑ. මේවා ලේඛන ගත වාර්තා. ආර්ථිකය පිළිබඳ සාකච්ඡාවන මේ මෙහොතේ ආර්ථික වර්ධන වේගවත් කළේ නැතිනම් 2028 එනවා ආර්ථික සුනාමියක්. මේ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. හැමෝම ගෙඩිය පිටින්ම හිතාගෙන ඉන්නේ මේ අයිඑම්එෆ් ගිවිසුමෙන් රට බේරයි කියලා. සියයට 5 ආර්තික වර්ධන වේගය නඩත්තු කළේ නැතිනම් 2028 විදේශ ණය ටික ගෙවාගන්න බැරිවෙනවා. රටක් හැටියට අපි තවත් අවස්ථාවක බංකොලොත් වෙනවා.
ඒ පිළිබඳ රජයට පැහැදිලි සැලැස්මක් නෑ. කරුණාකරලා දැන්වත් මේ සිදුවන්නට යන විනාශය ගැන අවබෝධයක් ලබාගෙන ආයෝජකයන් සමග ඍජු මිත්‍ර ශීලී සමබ්ධතා එක්ක අපේ රටේ ඍජු විදේශ ආයෝජන වැඩි කරන්න ඕන. නිශ්පාදන කර්මාන්ත ක්ෂේත්රය ප්‍රවර්ධනය කරන්න ඕන. තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්රයට මුල් තැන දෙන්න ඕන. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සියයට 15 බදු ගහලා හරියන්නේ නෑ. ” විපක්ෂ නායකවරයා කීවේය.







