ශ්‍රියානි විජේසිංහ –
-
ඇමති උද්දච්චකමට කටමැත දෙඩුවත් ඖෂධ විශාල ප්‍රමාණයක් රට තුළ නෑ… කියන කතා ඇහෙනකොට කලකිරෙනවා…සෞඛ්‍ය අංශ කියයි…
චිකන්ගුන්යා රෝගය සීඝ්රයෙන් පැතිර යමින් පැවතිය ද එම රෝගය නිශ්චිතව හඳුනාගැනීමට අවශ්‍ය රසායනාගාර කට්ටල මේ වනවිට රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.
චිකන්ගුන්යා රෝගය හඳුනාගෙන නිශ්චිත ප්‍රතිකාර සඳහා යොමුවීමටනම් ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් එම පරීක්ෂණය රෝගය වැලඳී සතියක් පමණ ගත වූ පසුව සිදුකළ යුතු බවත් වෛද්‍ය විශේෂඥවරු පැවසුවත් ප්‍රතිදේහ පරීක්ෂණයක්වත් සිදුකළ නොහැකි තත්ත්වයක් තුළ රෝග ලක්ෂණ විමසා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
රෝග ලක්ෂණ මත වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කළද ප්‍රතිදේහ පරික්ෂණයක් නොකර නිවැරදිව රෝගීන් හදුනා ගැනීමට හැකියාවක් නොමැති බව වෛද්‍ය වෘත්තිකයෝ ද ලංකාසර වෙත තහවුරු කළහ.
චිකන්ගුන්යා සහ ඩෙංගු යන රෝගයන් දෙකම බෝවන්නේ ඊඩිස් මදුරුවාගෙන් බැවින් මදුරුවන් බෝවන ස්ථානයන් තිබුණහොත් එවා විනාශ කිරිමට පටන් ගන්නැයි ද ප්‍රජාව ලෙස එකතු වී එසේ හෝ මේ ව්‍යසනයට පිළිතුරු සෙවිය යුතු බව ද වෛද්‍යවරු වැඩිදුරටත් කියති.







