බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස 08ක ගේමක් ගසා බෙලරූස්වල සිට ලංකාවට ගෙන්වූ කවුද මේ ලොකු පැටී?

by editor
මැයි 4, 2025
in පුවත්
loku-petty
Share on FacebookShare on Twitter

බෙලරූස් රාජ්‍යයේ සැඟවී සිටියදී රාජ්‍ය තාන්ත්‍රිකව විදේශ ආරක්ෂක ජාලයන් හා සම්බන්ධ වෙමින් ලංකාවට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැත්තා සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් රැඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග අද (04) ප්‍රකාශ කළේය.

මෙම සැකකරු පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයකින් අද (04) උදෑසන 7.43ට පමණ ඩුබායි හරහා මෙරටට රැගෙන විත් තිබුණේ පසුගිය මාස 04ක කාල සීමාව තුළ පිටරටවල සැඟව සිටිය දී ලංකාවට ගෙන්වාගෙන තිබුණු 11 වැනි අපරාධකරු ලෙසය. ඩුබායි, ඉන්දියාව, කැනඩාව වැනි රටවල සිටින මෙවැනි අපරාධකරුවන් 20කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී ලංකාවට ගෙන ඒම සඳහා මේ වනවිටත් අදාළ කටයුතු සූදානම් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද මාධ්‍යයට පැවසුවේය.

“අද රැගෙන ආ මෙම “ලොකු පැටී” කියන අපරාධකරුගේ විමර්ශන අනුව අපිට තහවුරුවෙලා තිබෙනවා පසුගිය කාලසීමාවේ සිදුවුණු වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම, ඒ වගේම ඊට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතන කිහිපයක්, ඒ වගේම මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම්, අවි ආයුධ ළඟ තබා ගැනීම් ආදී අපරාධ ගණනාවකට අවශ්‍ය වෙලා හිටපු ප්‍රධාන පෙලේ අපරාධකරුවෙක් ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරියේද නීතිය ක්‍රියාත්මක වෙනවා, ඔහු සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් රැඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටත් අපි කටයුතු කරනවා. කෙසේ වුවත් රටේ පවතින නීතිය අනුව ඔහුට එරෙහිව ඒ නීතිය ක්‍රියාත්ම කරනවා.”

කවුද මේ ලොකු පැටී –

සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ‘අහුන්ගල්ලේ ලොකු පැටී’ අලුත්ගම ධර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හිටපු හමුදා සෙබලෙක් වූයේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ 7 වැනි පාබල රෙජිමේන්තුවේ වසර දෙකක පමණ කාලයක් සේවය කර ඉන් ඉවත් වූ ලොකු පැටී, පසුව පාතාල ක්‍රියාකාරකම් සහ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ වූයේය. මුල් වකවානුවේ ඔහුගේ රැකියාව වූයේ මාකඳුරේ මධුෂ් ඩුබායි සිට එවන මත්ද්‍රව්‍ය බද්දේගම සහ ඒ අවට තරුණයින් අතර බෙදා හැරීමයි.

ඔහු ගැන අවධාරණාත්මකව කියැවෙන්න පටන් ගන්නේ මත්ද්‍රව්‍ය ජාලයන් හෙළි කරමින් සාර්ථක විමර්ශන ක්‍රියාන්විතයක නිරත වී සිටි බව කියැවුන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකට නිලධාරියෙක් වූ නියෝමාල් රංජීවට 2017 මැයි 09 වැනි දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තැබීමේ සිද්ධියත් සමගය. එම වෙඩි තැබිමට සම්බන්ධ ඝාතකයා රැගෙන පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර තිබුනේ අහුන්ගල්ලේ ලොකුපැටීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පොලොන්නරුව මැදිරිගියේ දුෂ්කර කැලයක සැඟව සිටිය දී ලොකු පැටි අත් අඩංගුවට පත් වන්නේ 2018 දී ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 27කි.

පැටීගේ පාපොච්චාරණය අනුව, වෙඩි තැබීම සිදු කළේ අසිත නොයෙල් කුමාර හෙවත් ‘ආමි අසිත’ ය. ඔහු ප්‍රහාරයේ තවත් ප්‍රධාන සැකකරුවෙකු වූ මොහොමඩ් නවාස් සමඟ කල්පිටියේ බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගිය බව පැටී පොලිිසයට කීවේය.

මොහොමඩ් නවාස් යනු රංගජීය ඇතුළු පොලිස් කණ්ඩායම නොමග යවමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර පොලිසිය අපරාධ ස්ථානයට ගෙන්වාගත් පුද්ගලයාය. මෙම තිදෙනාට ප්‍රහාරය සිදු කිරීමට උපදෙස් ලබා දුන්නේ පාතාල නායක කඹුරුපිටියේ මධුෂ් බවත්, මධුෂ් එවකට ඩුබායි හි සැඟවී සිටි බවත් ලොකු පැටී හෙළි කර තිබිණි.

රංගජීව ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රහාරයට ඔහු සම්බන්ධ වී ඇත්තේ පූර්ව දැනුම්වත් වීමකින් නොවන බව ඔහු පොලිසියට පැවසුවේය. අපරාධ ස්ථානයට යනතෙක් තමන් කරන්නට යන වැඩේ ගැන අවබෝධයක් ලොකු පැටීට තිබී නැත. පැටී පොලිසියට පවසන්නේ මෙවැනි කතාවකි.

“මධුෂ් එදා ඩුබායි වල ඉඳන් දිගටම කතා කළා. මට කෙනෙක් බයිසිකලයක් ගෙනැල්ලා දෙනවා, මට එතැනට යන්න කිව්වා. මං ගියා. ඒ කිව්ව විදිහටම බයිසිකලේ අරන් කෙනෙක් ආවා. ඒ එක්කම ආයුධ සන්නද්ධව ආමි අසිතත් බයිසිකලේට නැග්ගා. අපට යන්න ඕන තැන දැනුවත් කරනවා කිව්වා. ටිකකින් කතා කරලා කිව්වා පිළියන්දලට දැන් යන්න කියලා. තවත් ටිකකින් රංගජීවලාගේ අල්ටෝ එක නවත්තලා තියෙන්නේ මහජන බැංකුව ගාව කියලා එතැනට යන්න කිව්වා. මං කිව්ව විදිහටම ගියා. වෙඩි තැබීමට ඉලක්කය වුණේ රංගජීව. ආමි අසිත වෙඩි තැබීම කළා. පස්සේ අපි පැනලා ගියා,” ඔහු පවසා තිබිණි.

මෙම ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයකු සහ දොළොස් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වූ අතර, රංගජීව බරපතළ තුවාල ලැබීය.

අපරාධ ඉතිහාසය

ලොකු පැටී රට තුළ ප්‍රධාන නඩු හතරක් සමබ්න්ධ චූදිතයෙකි. 2016 මැයි 21 වැනි දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ ඔහුට එරෙහි නඩුවක් තිබේ.

2017 මැයි 09 වැනි දින පිළියන්දල පොලිස් වසමේදී රංජීව ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරිම හා බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව තවත් නඩුවකි.

නැවතත් වර්ෂ 2017 ජූනි 15 වැනි දින හෙරොයින් ග්‍රෑම් 299ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ ඔහුට එරෙහිව නඩු පවරන්නේය.

2021 ඔක්තෝබර් 08 වැනි දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව තවත් නඩුවක් ඇත්තේය.

මේ තත්ත්වය තුළ ලොකු පැටී රහසින් රටින් පැන යන්නේ. විදේශගතවී සිටි ලොකු පැටීගේ අපරාධ දාමය තවත් සක්‍රීයවන ආකාරය නිරීක්ෂණය වී තිබිණි. 2022 අගෝස්තු 24 වැනි දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කළේ ලොකු පැටීගේ මෙහෙයවීම මත අනාවරණය වූයේය. ඉන් පසු ඉලඟ මාසයේ එනම් 2022 සැප්තැම්බර් 23 වැනි දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ලොකු පැටීගේ මෙහෙයවීම මත සිදුවුවක් බව අනාවරණය විය. ඊලඟ මාසයේ ඔහු මැදිහත්ව කළ තවත් මරණයක් ගැන තොරතුරු හෙළි විය. ඒ 2022 ඔක්තෝබර් 12 වැනි දින අහුංගල්ල පොලිස් වසමේදී ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමය.

2024 ජනවාරි 18 වැනි දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත්තේය. ඒ ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේත් ලොකු පැටීය.

ඔහුගේ ඝාතන ගැන රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති වන්නේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පී කේ. සුජීවාගේ සැමියාවන නයන වාසුල ඝාතනය කිරීම සහ ගායන ශිල්පි කේ. සුජීවා සහ වසන්තගේ බිරිය ඇතුළු සිවු දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමත් පසුපස ලොකු පැටී සිටින බව ආනරවණය වීමත් සමගය.

ලොකු පැටී බෙලරූස් රාජ්‍යයේ දී අත් අඩංගුවට පත් වන්නේ පසුගිය අගෝස්තු මාසයේදී ය. ඔහු අද මෙරටට ගෙන්වා ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දියත් කළ දීර්ඝ මෙන්ම වෙහෙසකර මෙහෙයුමකින් පසුය. විමර්ශකයින් කියන්නේ ක්ලබ් වසන්ත’ ඝාතනය මෙහෙයවීම සහ එයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ලොකු පැටීට එරෙහිව තදබල සාක්ෂි පවතින බවය..

දැනට මෙරටට රැගෙන එන ලද ‘ලොකු පැටී’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ සිටී. ඔහුට එරෙහිව පවතින විවිධ නඩු සම්බන්ධයෙන් කඩිනමින් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ!

Next Post

සර්ව ජන බලයේ අපේක්ෂකයෙක් කැන්වසින් යන ගමන් නිවසක තනිව සිටි තරුණ කාන්තාවකට ලිංගික අතවර කරලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.