“ඉන්දියාවේ ස්විට්සර්ලන්තය” ලෙස හැඳින්වෙන හිමාල කඳුවැටියේ පිහිටි සුන්දර නගරයක් වන පහල්ගම් අඟහරුවාදා (22) උදෑසන ලේ විලක් බවට පත් වුනේය. ඒ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයකින් නිරායුද අහිංසකයින් 24 දෙනෙක් මරා දැමීමෙනි.
ත්‍රස්තවාදීන් විසින් ඉලක්ක කරගෙන තිබුණේ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ජනප්‍රිය සුන්දර භූමිය නැරඹීමට පැමිණි දේශීය සංචාරකයින් පිරිසකි. ත්‍රස්තවාදීහු ම්ලේච්ච ලෙස මෙම පිරිසට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
පහල්ගම් සිට සැතපුම් තුනක් (කිලෝමීටර 5) ක් දුරින් පිහිටි කඳු මුදුන් තණබිමක් වන බයිසරන්හිදී මේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාව සම්බන්ධ වීඩියෝ පට ඇතුළු තොරතුරු රාශියක් මේ වනවිට ඉන්දියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගනිමින් ඇත. එහි තැන තැන වැටි ඇති අසරණ මිනිසුන්ගේ මළ සිරුරු පෙනේ. තවත් තැනක උදවු ඉල්ලා කෑ ගසන අසරණයින්ය.
ඉන්දියානු මාධ්‍ය ආයතන විසින් බෙදා ගන්නා ලද වීඩියෝ දර්ශනවල පෙන්වන්නේ තුවක්කුකරුවන් මුස්ලිම් නොවන අය තෝරාගෙන වෙඩි තබා මරණ ආකාරය දුටු වින්දිතයින් ගේ ප්‍රකාශය.
වෙඩි තැබීම සිදු වූ ප්‍රදේශයට වාහන ළඟා විය නොහැකි බව ජම්මු සහ කාශ්මීර පොලිස් ප්‍රධානී විදි කුමාර් බර්ඩි බීබීසී හින්දි සේවයට පවසා තිබිණි.
වෙඩි පහරින් ඝාතනය වු කණ්ඩායමක සිටි දිවි ගලවා ගත් ගුජරාටියේ සංචාරකයෙකු බීබීසී වෙත ප්‍රකාශ කර තිබුණේ හදිසි ප්‍රහාරයෙන් පසු අවුල් සහගත තත්වයක් ඇති වූ බවත්, සියල්ලන්ම දුවන්නට, අඬන්නට සහ කෑ ගැසීමට පටන් ගත් බවත්ය.
පොලිසිය පැවසුවේ සංචාරකයින් කිහිප දෙනෙකු වෙඩි වැදී තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවය. ප්‍රදේශය වටලා ඇති අතර සොල්දාදුවන් මුරපොලවල්වල වාහන නවත්වා ඇත. ඉන්දීය හමුදාව සහ ජම්මු සහ කාශ්මීර පොලිසිය ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් අඛණ්ඩව සිදුවෙමින් පවතී.
ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

ප්‍රහාරය ගැන කතා
විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබුනේ මෙම ප්‍රහාරය අසාමාන්‍ය දෙයක් ලෙසය. කාශ්මීරයේ හිමිකම සඳහා පකිස්ථානය සහ ඉන්දියාව අතර ඇවිලී ඇති දශක තුනහමාරක ගැටුමේ දී මෙවැනි පරිමාණයක ඝාතනයක් සිදුවී ඇත්තේ ඉතාම විරලවය.
කලාපයේ මහ ඇමති ඕමාර් අබ්දුල්ලා පැවසුවේ මෙම ප්‍රහාරය “මෑත වසරවල සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඕනෑම දෙයකට වඩා විශාල” බවය. වාර්තාවලින් පෙනී යන්නේ තුවාල ලැබූවන් විශාල සංඛ්‍යාවක් සිටින බවත්, සමහරුන්ගේ තත්ත්වය බරපතල බවත්ය.
ප්‍රහාර හෙළා දුටු ලෝක නායකයින් අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේයන් ද වූහ.
“කාශ්මීරයෙන් එළියට එන දැඩි කැළඹිලි සහගත පුවතක්. ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් ජනපදය ඉන්දියාව සමඟ ශක්තිමත්ව සිටී,” ට්‍රම්ප් Truth Social හි සටහනක් තබා තිබිණි.
යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේන් කාශ්මීර මරණ “නින්දිත ත්‍රස්ත ප්‍රහාරයක්” ලෙස හැඳින්වූ අතර, පුටින් කුරිරු අපරාධය පිළිබඳව අවංක ශෝකය පලන කරන බව ප්‍රකාශ කළේය.
මෝදි යලි මවු රටට
ප්‍රහාරයෙන් පසු සෞදි අරාබියට ගිය ගමන අතරමැද නවතා දැමු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ආපසු ඉන්දියාවට පැමිණ පැවසුවේ අපරාධකරුවන් “නීතිය ඉදිරියට ගෙන එන” බව පැවසීය.
“ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට අපගේ අධිෂ්ඨානය නොසැලෙන අතර එය තවත් ශක්තිමත් වනු ඇත,” මෝඩි X හි ලියා තැබුවේය. .
පකිස්ථාන විදේශ අමාත්‍යාංශය “සංචාරකයින්ගේ ජීවිත අහිමි වීම ගැන කනස්සල්ලට පත්ව සිටින” බව පැවසූ අතර වින්දිතයින්ට ශෝකය පළ කළ අතර “තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය “ප්‍රාර්ථනා කළේය .
ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා අඟහරුවාදා කාශ්මීරයේ විශාලතම නගරය වන ශ්‍රීනගර් වෙත හදිසි ආරක්ෂක රැස්වීමක් පැවැත්වීමට ගියේය. ඒ සඳහා කලාපයේ ආරක්ෂාව තර කර තිබිණි.
අතීතය
1990 දශකයේ සිට, කලාපයේ ඉන්දීය පාලනයට එරෙහිව සන්නද්ධ බෙදුම්වාදී කැරැල්ලක් ඇති විය. සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදා ඇතුළු දස දහස් ගණනක් ඒ කැරැල්ල නිසා මේ දක්වා බිලිගෙන තිබේ.
1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම, බෙදීම සහ පකිස්ථානය නිර්මාණය කිරීමෙන් පසු හිමාලයානු කලාපය බෙදී ගියේය.
න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයන් දෙකම කලාපයට සම්පූර්ණයෙන්ම හිමිකම් කියන අතර එතැන් සිට දශක ගණනාවක් තුළ යුද්ධ දෙකක් සහ ඒ සම්බන්ධයෙන් සීමිත ගැටුමක් ඇති කරගත්තේය.
ඉන්දියානු සොල්දාදුවන් 500,000 ක් පමණ භූමියේ ස්ථිරවම යොදවා ඇත.
සිවිල් වැසියන්ට එල්ල වූ අවසන් ප්‍රධාන ප්‍රහාරය 2024 ජුනි මාසයේදී සිදු වූ අතර එහිදී හින්දු වන්දනාකරුවන් රැගෙන ගිය බස් රථයකට ත්‍රස්තවාදීන් විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලැබීය.
2019 දී ඉන්දීය පරිපාලන කාශ්මීරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 46 දෙනෙකු මිය ගිය අතර පාකිස්තානයේ ඉලක්ක වෙත ඉන්දීය ගුවන් ප්‍රහාර එල්ල විය.







