ශ්‍රියානි විජේසිංහ
-
සියලුම දන්සැල්වල ආහාර දැඩි අධීක්ෂණයකට… සෑම විනාඩි 30කටම වරක් පානීය ජල සාම්පල් රසායනාගාර පරීක්ෂාවකට….
සිරි දළදා වන්දනාවේ තුන්වන දිනය අද (20) ය. මහනුවර නගරය තුල ඊයේ (19) වන විට දන්සැල් 511ක් ලියාපදිංචි වී ඇති අතර තවත් 120ක් ලියාපදිංචිය ලබා ගැනීමට බලා සිටින බවත් ඉදිරි දිනවලදී තවත් බොහෝ පිරිසක් දන්සැල් ලියාපදිංචිය ලබා ගැනීමට පැමිණෙනු ඇති බවත් මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරි පසන් පැරකුම් ජයසිංහ ලංකාසර කළ විමසුමකදි පැවසුවේය.
තවද විදි වෙළෙඳුන් 437 ක් දෙනා ලියාපදිංචි වී ඇති බවද පෙන්වා දෙන ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පවසා සිටිනුයේ මහනුවර මහ නගරසභාවේ වෙබ් අඩවියට වෙත ගොස් ලියාපදිංචිය ලබා ගත යුතු බවත් ඊට අදාල සහතිකය පැය දෙක තුනක් ඇතුළත් ලබා දීමට කටයුතු කරන බවත් ය.
දන්සැල්වල සකස් කරන ආහාර නිරන්තරයෙන්ම තමාගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට ලක්වෙන බවද වෛද්‍ය පසන් අවධාරණය කරයි.
තවද මහනුවර නගර තුළ බෙදා හරින පානීය ජලය සෑම විනාඩි 30ට වරක්මව රසායනාගාර පරික්ෂාවන්ට ලක්කර එහි පිරිසිදුභාවය තහවුරු කිරිමේ විශේෂ වැඩපිළිවෙළක්ද යොදා ඇතැයි හෙතෙම පවසා සිටියේය.







