බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අධිකරණයෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලන තැනට පත් කළ දේශබන්දුගේ වියරුව!

by editor
අප්‍රේල් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

අප හැමෝටම අමතක වෙන දෙයක් තිබේ. තවමත් මේ රටේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. තවමත් පොලිසියේ බලය අනියමින් ඔහු වටා කේන්ද්‍රව ඇති ආකාරය අප දකින්නේ වරක් දෙවරක් නොවේ.

දින 20ක් යනතුරු ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවන්නේ නැත. කඩුවෙලින් හයිවේ එකට වාහනය දමා මාතර මහේස්ත්‍රාත් අධිකරණය තෙක් පැමිණ බංකුවක ඉඳගෙන සිටින අවස්ථාව දක්වා ඔහුව අත් අඩංගුවට ගැනීමටත් පොලිසිය කටයුතු කරන්නේ නැත. සාක්ෂි කරුවන් සොයාගෙන ගොස් සාක්ෂි සටහන් කරගත්තා විනා ඔහු බන්ධනාගාරයේ සිටි කාලයෙත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සාක්ෂියක් දීමට ඉදිරිපත් වූ එකෙක් නැත. යන්තම් වැඩේ ගැස්සී ගියහොත් නාගන්නට සිද්ධ වෙන බව දන්නා නාඩි වැටෙන එක පොලිස් කාරයෙක්වත් දේශබන්දුට විරුද්ධව සාක්ෂි දෙන්නට එන්නේ නැති වීම තේරුම් ගත හැකිය. එමෙන්ම තවමත් පොලිස් ආරක්ෂාව පිට රක්ෂා වී සිටින හිටපු පොලිස් ඇමතිවරයා සතු බලය සම්බන්ධව ද ඔහු මේ ආණ්ඩුවට එල්ල කර ඇතැයි විශ්වාස කළ හැකි බලපෑමක් පිළිබඳව ද ඉවක් නැතිනම් ඌ පොලිස් කාරයෙක් වන්නට ඉඩක් ද නැත.

එකම අවුල වන්නේ අධිකරණ නියෝගය තඹයකට මායිම් නොකර වාහනය අධිකරණ භූමිය තුළට ගෙන්වාගෙන ඇප මත නිදහස් වී යන්නට තරම් බලගතු දේශබන්දුගේ හැසිරීමෙන් ප්‍රකාශිත ස්වරූපය අධිකරණයේ පෙනෙන සාධාරණ යුක්ති ධර්මයේ පිහිටා ලබා දෙන තීන්දුවලට වඩා එපිටින් තිබීමය.  ඊයේ අප මාතර අධිකරණයේ දී දකින්නේ මේ සාහසික බලය නැවත වරක් සමාජය බියවද්දන තරමය.

ඊයේ සිද්ධ වුනේ කුමක්ද?

කුප්‍රකට W15 අපරාධය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.

ඉකුත් නඩු දිනයේ දී දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඔහුට ඇප ඉල්ලා තිබිණි. ඔවුන් අධිකරණයට කීවේ සිය සේවාදායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් කර නොමැති බවය. එබැවින් ඇප මත මුදා හරින ලෙසය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඊයේ අතිරේක මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස පිටු 16ක් වූ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසුවේය. පිටු 16කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ:

“අපරාධ වරදක් කළ පුද්ගලයාට දඬුවම් පැමිණවීම මෙන් ම වින්දිත පාර්ශවයට යුක්තිය ඉටු කිරීම අධිකරණය වෙත පැවරී තිබෙන නෛතික වගකීමකි. අපරාධ රහිත හෝ සීමා වූ වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අභිලාෂය අත්හළ නොහැකි මෙන් ම සැකකරුවන්ගේ නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය පිළිගෙන කටයුතු කිරීමට ද අධිකරණයට සිදුවේ. මෙම සිද්ධියේ පැමිණිල්ලේ සහ විත්තියේ කරුණු කියාපෑම් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව විමර්ශන ක්‍රියාදාමයට සහය වීම සහ පුද්ගල නිදහස ආරක්ෂා කිරීම යන කාරණා දෙක අතර තීරණාත්මක අවස්ථාවක් දැන් උද්ගත වී ඇති බව අධිකරණය මතයයි.

ඒ අනුව මෙම සැකකරුට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පැමිණිල්ලට සාධාරණ කාලයක් ලැබී තිබෙන බව අධිකරණයේ නිගමනයයි. සැකකරු බන්ධනාගාරගතව සිටි කාල සීමාව තුළ සිදුකළ විමර්ශන පිළිබඳව සලකා බැලීමේදී තවදුරටත් ඔහු බන්ධනාගාරගත කිරීමකින් තොරව ඉදිරි විමර්ශන සිදුකළ හැකි බව අධිකරණයට පෙනී ගොස් තිබේ.

සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ පැමිණිල්ල විසින් කරුණු ඉදිරිපත් කර තිබුණ ද මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් හය දෙනා මේ වන විටත් ඇප මත මුදා හැර ඇත. එම නිසා මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමේදී එය සුවිශේෂී කරුණක් ලෙස සැලකීමට අධිකරණය තීරණය කරයි,” යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව ඇප ලබාදීමේ නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් එසේ බලපෑම් කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කොට නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළේ ය.

මෙම ඇප නියෝගය ඊයේ පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි. නමුත් තාක්ෂණික හේතු බව සඳහන් කරමින් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් දිනය තුළ අවස්ථා දෙකකදී කල් දැමුවේය. මේ සිද්ධිය කැපී පෙනෙන ලෙස සලකුණු වී තිබිණි.

පැමිණිල්ල ඇප ලබා දීමට එරෙහි වෙයි!

මේ ඇප ලබාදීමේ නියෝගය පැමිණිල්ල ප්‍රශ්න සහගත තැනකට පත් කර තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී කරුණු දක්වමින් පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් යනු කුමන ආකාරයේ පුද්ගලයෙක් ද යන බවය.

” ස්වාමීනි, මට ඊට එකඟ වෙන්න බැහැ. මොහු වියරු වැටිලා ඉන්නේ. මොහු එළියට එනවා කිව්වාමත් සාක්ෂිකරුවන් බයවෙනවා. මොහු සමාජගත කිරීම මේ විමර්ශනයට අතිශයින් අගතිදායකයි. මම අද කිව්වා කියලා ලියලා තියාගන්න. මොහු අනාගතයේදී මේ විමර්ශනයම විනාශ කරනවා. මා ඔබතුමාගේ ඇප නියෝගයට ගරු කරනවා. නමුත් මෙම නියෝගයට එරෙහිව ප්‍රතිශෝධනක් කරා යාමට මා බලාපොරොත්තු වෙනවා.”.

මේක මෙම සැකකරුට ඇප දීමට සුදුසු වෙලාවක් නෙවෙයි. මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ පසුව අලුතින් සාක්ෂි රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. මේ සාක්ෂි කවුරුත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා දෙන්නේ නැහැ. හොයාගෙන ගිහින් ඇහැව්ව ම තමයි එහෙම දෙයක් වුණා කියලා කියන්නේ. ඉතින් මේ සැකකරුට ඇප දුන්නා කියන පණිවිඩය සමාජගත වූ ගමන් සාක්ෂිකරුවන් බියට පත්වෙනවා. ඒ වගේ ම ඔවුන් අලුතින් සාක්ෂි ලබාදීමටත් පසුබට වෙනවා,”

“ස්වාමීනී… මේ සැකකරු තමයි මෙම සිද්ධියේ ප්‍රධාන කුමන්ත්‍රණකරු. මොහු අදාළ හෝටලයට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පෙර එම හෝටලය වීඩියෝ ගත කර දර්ශන ගෙන්වාගෙන තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සාක්ෂිවලින් අනාවරණය වෙලා තිබෙනවා. ”

“ප්‍රහාරය සිදුකළ පසු දේශබන්දු තෙන්නකෝන් නැමැත්තා අදාළ ඒකකයේ අධ්‍යක්ෂ වූ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාට කතා කරලා කියලා තියෙනවා ‘මුං පිස්සුවක් කරලා. ගිහින් බලපං මුං බීලාද හිටියේ කියලා.” මෙම සාක්ෂිකරු සිදුවීමට අදාළව පැය 10 1/2ක දීර්ඝ සාක්ෂියක්දී තිබෙනවා. ඔහු කියා තිබෙනවා තමන්ට මේ පළමු සැකකරුගෙන් තර්ජන තිබෙනවා. එබැවින් ජීවිත ආරක්ෂාවක් දෙන්න කියලා.”

“ස්වාමිනී, පළමු වතාවටයි මගේ වෘත්තීය ජීවිතයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අධිකරණයෙන් ජීවිත ආරක්ෂාවක් ඉල්ලීමක් ගැන අසන්න ලැබෙන්නේ. මගේ මතය ඔහු නඩු විභාගය අවසන් වනතුරුම රක්ෂිත බන්ධනාගාරගතව සිටිය යුතුයි.”

අදාළ හෝටලයේ හිමිකරුවන් සමග පැවති පෞද්ගලික අමනාපයක් නිස යි ඔහු මෙම අපරාධය සිදු කිරීමට මුල්වෙලා තිබෙන්නේ. එමෙන් ම, ඉමදූව අධිවේගී පිවිසුමේ සිටි පොලිස් නිලධාරීන්ටත් මොහු කතා කළ බවට සාක්ෂි අනාවරණය වෙලා තිබෙනවා.”

“මොහුගේ පෙර හැසිරීම සහ පසු හැසිරීම අප සලකා බැලිය යුතු යි. මෙම සිද්ධියෙන් පොලිස් සැරයන්වරයෙකු මිය ගියා. ඒ වෙනුවෙන් මේ සැකකරු පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් සහ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී තවත් රුපියල් ලක්ෂ 25ක් වන්දි වශයෙන් මිය ගිය තැනැත්තාගේ පවුලට ගෙවා තිබෙනවා. මේ වන්දි ගෙවා තිබෙන ආකාරයේ නීතියට පටහැනි යි. මේ සම්බන්ධයෙන් විමර්ශකයින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගන්න බලාපොරොත්තු වෙනවා. සැකකරු සිදු කළ මෙම ක්‍රියාව නීති විරෝධී නිසා තමයි නීති විරෝධී ලෙස වන්දි ගෙවා මෙම සිද්ධිය යටපත් කිරීමට ඔහු උත්සාහ කර තිබෙන්නේ.”

දිලීප පීරිස් ඉඟි කරනු ලැබුවේ මේ සැකකරු තවමත් මේ රටේ පොලිස්පති බවය. සිය බලය බිය හිතෙන ලෙස අවභාවිතා කළ අපරාධකරුවෙක් බවය. රාජ්‍ය බලය ද සහිතව හැසිරෙමින් සිට ඇති බවය. එය පොලිසිය තැති ගන්වන බවය.

අධිකරණ නියෝගය බල්ලට

ඇප නියෝගය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට අධිකරණ ශාලාවේ සිට පිටවීමේ දොරටුව දක්වා ආරක්ෂා සහිතව වාහනයෙන් ගමන් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට අතිරේක සොලිසිටර් දිලීප පීරිස් දැඩි විරෝධය පළ කළේ ය.

“ස්වාමීනි මම විරුද්ධයි. ඔය හදන්නේ පොලිස් Squad එක්ක වෙනත් චිත්‍රයක් මවාගෙන ගාම්භීරව අධිකරණයෙන් එළියට යන්න. අපරාධකරුවෝ කොහොමද එහෙම යන්නේ. හෙට හරක් කටා ඇප ලබා ගත්තට පස්සේ ආරක්ෂා සහිතව එළියට යන්න අවසර ඉල්ලුවොත් ඒකට ඉඩ දෙන්න පුළුවන් ද?. දවස් 20ක් හැංගිලා ඉද්දි, තාප්ප උඩින් පැන පැන යද්දි, කවුරුත් නොදැන අධිකරණයට එද්දි ඔය ආරක්ෂාව ඉල්ලුවේ නැහැනේ. ආපු විදිහටම යන්න කියන්න. ” යනුවෙන් සඳහන් කළේ ය.

කරුණු සලකාබැලූ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස සැකකරු වෙනුවෙන් නීතිඥයින් කරන ලද ආරක්ෂා සහිත නික්ම යෑම පිළිබඳ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. නීති කෘත්‍යය යළි මැයි 22 වනද කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. අධිකරණ භූමිය තුළම අධිකරණ නියෝගය දී අසුරු සැණින් අධිකරණ නියෝගය දේශබන්දු විසින් කඩ කළේය. මාතර ගරු මහේස්ත්‍රාවරයාගේ නියෝගය පයිසයටක මායිම් වුනේ නැත. මෝටර් රථය අධිකරණ භූමියට ඇතුළු විය. ආරක්ෂාව සහිතව අධිකරණ භූමියෙන් පිටවී ගියේය.

මේ රට තේරුම් ගත යුතු ඇත්තක් තිබේ. දේශබන්දු තෙන්නකෝන් යනු පුද්ගලයෙක් නොවේ. ම්ලේච්ඡ පාතාලයෙත්, පාහර දේශපාලනයෙත්, නිල බලයේත්, කුපාඩිකමේත් විෂම මුසුවකින් නිර්මාණයවන ප්‍රවාහයක ප්‍රකාශනයකි. අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය ඉදිරියේ තේරුම් කරන්නට උත්සාහ කළේ මේ යථාර්ථය ය. අප බලාගෙන ඉන්නේ මැයි 22වන විට යළි කුමක් විය හැකිද යන්නය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදම මාසෙකට රුපියල් කෝටියක්?…

Next Post

බිස්නස් මරු… අවුරුද්දේ සතුට කලින්ම ඉතිරෙන යාගොඩමුල්ල රසකැවිලි ගම්මානයට ගියෙමු!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.