බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කථානායකට භාර දෙයි… ආණ්ඩුවේ මන්ත්‍රීවරු 115ක් අත්සන් කරති!

by editor
මාර්තු 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • කථානායකවරයා හැකි ඉක්මනින් මේ පිළිබඳව පියවර ගනු ඇතැයි යෝජනාව භාර දුන් මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය…  

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කථානායකවරයාට අද 12.30ට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් විසින් භාර දුන්නේය. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ විසින් යෝජනාව කථානායකවරයා වෙත භාර දී තිබිණි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙක් ඊට අත්සන් කර තිබිණි. යෝජනාව භාරදී පැමිණ  මාධ්‍ය ඇමතූ නියෝජ්‍ය ඇමති මහිින්ද ජයසිංහ සහ නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර  මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වූහ. මුලින්ම අදහස් දැක්වූ මහින්ද ජයසිංහ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටිය විස්තර  කළේය.

“මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීම සඳහාවන යෝජනාවක් භාර දුන්නා කතානායකතුමාට.”

“විශේෂයෙන්ම නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත 2002 අංක 5 දරන පනතට අනුව නීතිපතිවරයාත් පොලිස්පතිවරයාත් ඉවත් කිරීම සඳහාවන ප්‍රතිපාදන සලස්වලා තියනවා. එම ප්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක් අත්සන් කරන ලද යෝජනාවක් භාර දිය යුතුව තිබෙනවා කථානායක තුමාට. අපි අද පාර්ලිමේන්තු කණ්ඩායම විදිහට ජාතික ජන බලවේගයේ, 115 දෙනෙකුගේ අත්සනින් යුතුව අපි අද කථානායක තුමාට මේ යෝජනාව භාර දුන්නා.”

“ඒ අනුව විශේෂයෙන්ම විෂමාචාර හෝ දූෂණ සම්බන්ධ වැරදි,  ධූරයේ බලතල බරපතල ලෙස අනිසි විදිහට යොදා ගැනීම, බරපතල ලෙස රාජකාරි පැහැර හැරිම සහ ධූරයේ කටයුතු කිරීමේ දී දැඩි ලෙස පක්ෂග්‍රාහී වීම කියන කාරණා පදනම් කරගෙන තමයි අපි අද මේ යෝජනාව කථා නායක තුමාට භාර දුන්නා. මින් ඉදිරියට කතා නායක තුමාගේ පැත්තෙන් මීට අදාලව ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. අපි විශ්වාස කරනවා කඩිනමින් මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගනී කියලා. ” නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසුවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජනාධිපතිවරයාට ඍජුව පොලිස්පතිවරයා ඉවත් කළ නොහැකිය. ලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත 2002 අංක 5 දරන පනතට අනුව ඒ සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් තිබේ. මුලින්ම පොලිස්පතිවරයා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත සහිතව ඉදිරිපත් කළ යුතුය. අනතුරුව එම යෝජනාවේ එන කරුණු ත්‍රිපුද්ගල කමිටුවක් මගින් ඇගයීමට ලක් වේ.

එම කමිටුවේ සංයුතිය ගොඩනැගෙන ආකාරයක් තිබේ. අග විනිසුරු නම් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාතිත්වයෙන් යුතු විය යුතු මේ කමිටුවට පොලිස් කොමිසමේ සභාපතිවරයාත්, , නීතිය හෝ රාජ්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට තත්ත්වයන් ලබා ඇති අයෙක් අතුරෙන් අග්‍රාමාත්‍යවරයාගේ සහ විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ එකඟත්වය ඇතිව කථා නායකවරයා විසින් පත් කරනු ලබන තැනැත්තෙකුත් ඇතුළත් වේ.

අප්‍රේල් මස 08 වැනි දින යළි පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී මේ මෙම යෝජනාවේ ඉදිරි ක්‍රියාවලිය ආරම්භ වනු ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය. මෙම යෝජනාවට විපක්ෂයේ සහයෝගය ද ලැබෙනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර දැක්වූයේ මෙවැනි අදහසකි.

” ඔබ දන්නවා අපේ රටේ පොලිස්පතිවරයෙක් පිළිබඳ සාකච්ඡාවක් වැඩිපුර ප්‍රමාණයක් ආවා නම් ඒ දේශබන්දු සම්බන්ධයෙන්. මීට පෙරත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත්වීමට පෙරත් විශේෂයෙන්ම දේශබන්දු පිළිබඳ ඔහුගේ පත් වීම පිළිබඳ, ඔහුගේ මැදිහත්වීම් පිළිබඳ, ඔහුගේ නීත්‍යානුකූළ නොවන මැදිහත් වීම් පිළිබඳව අප මේ සමාජයත් එක්ක යම් කරුණු දැක්වීම් ප්‍රමාණයක් කළා. නීතිමය ක්‍රියාමාර්ගවලට පවා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළෙ යොමු කළා.”

“දැන් මේ මොහොතේ බලයට පත් වෙලා තියෙන්නේ ජනතාවාදී රජයක්. දැන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඒ නීත්‍යානුකූල නොවන ආකාරයට පත්වෙච්චි, ජනතාවට වින කරමින් ඉන්න  දූෂිත නිලධාරියෙක් වූ දේශබන්දු මේ ජන වරමේ බලය පාවිච්චි කරමින් පොලිස්පති ධූරයෙන් ඉවත් කරගැනීමේ මූලික පියවර අපි තැබුවා. කතානායක තුමා එක්ක අපි කතා කරද්දි ඔහුගේ පැත්තෙන් ඉතාමත්ම ඉක්මනට මේ ක්‍රියාමාර්ග ටික තොරනවා කිව්වා.

විශේෂයෙන්ම මේ ජන වරමට අනුව අප හිතනවා මෙවැනි දූෂිත නිලධාරීන් තවත් මේ ක්‍රමය ඇතුළෙ පවත්වාගෙන යා යුතු නෑ කියලා. ඒ නිසා මේ ජන වරමට අනුව ඉතාම ඉක්මනින් කතානායක තුමා අවශ්‍ය ක්‍රියා මාර්ග තොර්යි කියලා. ” එරංග ගුණසේකර කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාසල් රෝහලේ ශුක්‍ර බැංකුවට ශුක්‍රාණු ප්‍රදානය කිරීමට රටේ පිරිමින්ට අවස්ථාවක්… වහාම ඉදිරිපත් වන්නැයි රෝහල ඇරයුම් කරයි!

Next Post

දේශබන්දුට එරෙහි විශ්වාස භංගයට විපක්ෂයේ පූර්ණ සහාය…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.