දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ මණ්ඩපම් ප්‍රදේශයේ සරණාගත කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් ආපසු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය පියවර කඩිනම් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ මේ පිරිස ආපසු ශ්‍රී ලංකාවට රැගෙන ඒම පිණිස රටවල් දෙකම සහය දැක්වීමට සූදානමින් සිටින බවය.
මේ කාර්ය සඳහා යම් නීති රීති පද්ධතියක අවශ්‍යතාවයක් ඇති බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා ඒවා සැකසීම පිණිස කාලයක් ගතවන බවද ප්‍රකාශ කළේය.
දැනට ඉන්දීය සරණාගත කඳවුරු වල සිටින පිරිසෙන් යම් ප්‍රමාණයක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් නොදක්වන අතර ඔවුන් සම්බන්ධයෙන් ගන්නා තීරණයද ඉතා වැදගත් බව කී ආණ්ඩුකාරවරයා බලහත්කරයෙන් කිසිදු අයෙකු ආපසු ගෙන්වා ගැනීමට ඉඩක් නොමැති බවද සඳහන් කළේය.
එමෙන්ම ආපසු පැමිණෙන සරණාගතයින් හට රජය ලබා දෙන සහන හා ප්‍රතිලාභයන් ගැන පැහැදිලි ප්‍රකාශයක් තිබිය යුතු බවද දැනට ඉන්දියාවේ සිටින පිරිසට උතුරු පළාතේ ඔවුන්ගේ ඥාතීන් බොහෝ දෙනෙකු ව්‍යාජ තොරතුරු සපයා ඇතැයිද ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළේය.
පහසුකම් සැලසීම ගැන උතුරේ වැසියන් ඉන්දියාවේ සිටින සරණගතයින්ට වැරදි තොරතුරු ලබා දීම නිසා ඔවුන් ආපසු පැමිණීමට කැමැත්තක් නොමැති වීම විශාල ප්‍රශ්නයක් බවද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.







