දිනසේන රතුගමගේ –
යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළවෙනි වරට එම විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයකදී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් දෙමළ භාෂාව පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගෙන තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ 39 වෙනි උපාධි ප්‍රධානෝත්සවයේදී මෙම පශ්චාත් උපාධි ඩිප්ලෝමාව යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්කුණරාජා අතින් ලබා ගන්නේ සන්නස්ගම චන්ද්‍රරතන හිමිපාණන්ය.
උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චන්ද්‍රරතන හිමියන් කියා සිටියේ තමන්ට දෙමළ භාෂාව පිළිබදව යාපනය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගැනිමේ හීනයක් තිබුණු බවයි.
” දෙමළ කියන්නේ යාපනයටයි- යාපනය කියන්නේ දෙමළටයි.’’ මේ දෙමළ භාෂාව මහා සගරයක් වගේයි. මහා ගැඹුරුයි. ඉගෙණ ගැනීමට දාහක් දේ තිබෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු මගේ සිහිනය සැබෑ කර ගැනීමට ගොඩාක් මහන්සියෙන් මට උදව් කළා.”
“මේ කාලේදි මම දැක්ක දෙයක් තමයි දෙමළ ආචාර්යවරුන්ට සිංහල භාෂාව පිළිබදව ඇති දණුම අඩුකම විශාල බාධාවක්. මම මීට පෙර දෙමළ භාෂාවේ හා සාහිත්‍යයේ තිරුක්කුරල්, මණිමේකාලෙයි සහ මදුරිකාංචි වැනි ග්රන්ථ හදාරා තිබෙනවා. එය මට මේ ගමනට විශාල පන්නරයක් වුණා. ”
“යාපනය විශ්ව විද්‍යාලයේ පිරිස මට කොතරම් උදව් කළාද කිව්වොත් මගේ දානය මට ලබා ගැනීමට හැකි වන පරිදි මට දවල් 11.30 සිට 12 දක්වා විශේෂ නිවාඩුවක් අනුමත කොට දී තිබුණා.”සන්නස්ගම චන්ද්‍රරතන හිමියෝ කීහ.







