නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව ඊයේ (19) රාත්‍රියේ කොළඹ 12 ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදී හෂීස් කිලෝග්‍රෑම් 19 යි ග්‍රෑම් 348 ක්, හෙරොයින් ග්‍රෑම් 348 ක් සහ මෙතම්ෆෙටමින් (අයිස්) ග්‍රෑම් 4 ක් සමඟ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහෙයුම දියත් කරන්නේ නාවික බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුවය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීදි වටිනාකම රුපියල් මිලියන 153 ඉක්මවන බව විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු හෂීස් කිලෝග්‍රෑම් 19 යි ග්‍රෑම් 348 ක්, හෙරොයින් ග්‍රෑම් 348 ක් සහ මෙතම්ෆෙටමින් ග්‍රෑම් 4 ක් සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දෙන ලදී.
එමෙන්ම දික්වැල්ලේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 33ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.







