රුපියල් කෝටි 83කට අධික වීදි වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ 33කට වැඩි තොගයක් ඊයේ (19) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දික්වැල්ලේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
දැනට ඩුබායි සැඟවී සිටින හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙක් වූ රන් මල්ලී නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට අයත් මෙම මත් කුඩු තොගය අත් අඩංගුවට ගන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කළ දීර්ඝ මෙහෙයුමකින් අනතුරුවය.
මෙම මත්ද්‍රව්‍ය තොගය සන්තකයේ තබා ගත් සැකකරුවෙක් ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශය කාර්යාංශය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
ඊයේ දිනයේ දීම නාවික හමුදාව සහ එක් වී කළ මෙහෙයුමක දී කෝටි 15කට අධික මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
ඊයේ දිනය තුළ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න බව පොලිස් ආරංචි මාර්ග කියයි.







