දේශබන්දු තෙන්නකෝන් ගේ හෝකන්දර නිවස ඊයේ පරීක්ෂා කිරීමේ දී විදේශීය මත්පැන් බෝතල් 1009ක් පොලිස් භාරයට ගත් බව මහජන ආකර්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (19) පර්ලිමේන්තුවට කීවේය.
අත් අඩංගුවට ගත් මත්පැන් බෝතල් අතර විදේශීය මත්පැන් බෝතල් 795ක් සහ වයින් බෝතල් 214ක් පවතින බව ද මෙම දේපල රාජසන්තක කිරිම සම්බන්ධයෙන් උසාවියට කරුණු දැක්විම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් ඇති බවද ඇමතිවරයා කීවේය.
ඔහු කළ ප්‍රකාශය මෙසේය.
ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොම්බර 56/A, හත්වන පටුමග, ගංගානි උද්‍යානය හෝකන්දර ලිපිනයේ නිවස පරීක්ෂා කරනු ලැබුවා. ඒ් නිවස පරීක්ෂා කිරීමේ දී විදේශීය මත්පැන් බෝතල් 795ක්, වයින් බෝතල් 214ක් වශයෙන් මත්පැන් බෝතල් 1009ක් පොලිසිය භාරයට ගත්තා.
ඒ් වගේම තෙන්නකෝන් මහතාගේ ගිනි අවිය ලෙස සැලකෙන පිස්තෝල අවියක් පොලිසිය භාරයට ගත්තා. ඇපල් වර්ගයේ දුරකථන දෙකක් පොලිස් භාරයට ගත්තා. අප විශ්වාස කරනවා ඒම දුරකථන හරහා විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගන්න පුලුවන් වේවි කියලා.
ඒ් වගේම ඉදිරියේ දී ඒ් සම්බන්ධව උසාවියට කරුණු වාර්තා කරනවා. මේ සම්බන්ධව විමර්ශන ඉදිරියේ දී පවත්වාගෙන යනවා. මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාල පැවසුවේය.







