ක්‍රිකට් ආයතනයෙන් කෝටිගණන් වියදම් කර පොල්හේනේ පන්සල් ඉඩම්වලත් ක්‍රීඩාංගණ හදන්න යද්දී මුළු නැගෙනහිර පලාතටම ඇති එකම පළමු පන්තියේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරග පැවැත්වීම ක්‍රිකට් බලධාරීන් විසින් තහනම් කර ඇතැයි ලංකාසරට වාර්තා වේ.
මඩකලපුවේ කොඩමුනෙයිහි මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කර ඇත්තේ මඩකලපුවේ ශා.මයිකල් විද්‍යාලයීය ආදි සිසුවකු විසිනි.
කලක සිට එංගලන්තයේ පදිංචිව සිටින වසීහරන් නම් ක්‍රිකට් ලෝලියකු මිලියන 800 ක පමණ තම පෞද්ගලික මුදලින් මෙම දර්ශනීය ක්‍රිකට් ක්‍රීඩාංගණය නිම කර දැන් වසර දෙකක් පමණ ගතවී ඇත.
මෙම ක්‍රීඩාංගණයේ අවට පිටිය හා ඉහළ මට්ටමේ තණතීරු සකස් කොට ඇතතේ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා මෙන්ම විශිෂ්ඨ ක්‍රීඩා විද්වතෙක් වූ බන්දුල වර්ණපුර විසිනි.
මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීම වෙනුවෙන් අර්ජුන රණතුංග ඇතුළු හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශන තරගයක්ද පවත්වා තිබිණි.
එහෙත් මඩකලපුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වසර ගණනාවක් මුළුල්ලේ රැඳී සිටින නිලධාරීන් විසින් ක්‍රිකට් ආයතනයේ එක් ඉහළ බලධාරියකු සමග එක්ව මෙම ක්‍රීඩාංගණය මඩකලපු ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ තරග වලටද තහනම් කලාපයක් බවට පත් කර ඇත.
මෙවැනි අංග සම්පූර්ණ ක්‍රීඩාංගණ ප්‍රදේශයේ ක්‍රීඩකයන්ටත් අහිමි කරන වත්මන් ක්‍රිකට් බලධාරීන් හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුනෙත්ති සතුටු කිරීම සඳහා පන්සල් ඉඩම්වල ක්‍රීඩාංගණ අලුතින් ඉදි කරන්නට යාම විහිළු සහගත බව ක්‍රිකට් ලෝලීහු පවසති.







