මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාශයේ කුරුලුබැද්ද සහ මදුරංගල ප්‍රදේශයේ රෑනෙන් තනිවූ අලි පැටව් දෙදෙනෙකු ප්‍රදේශවාසීන්ට 15 වෙනිදා හමුවී ඇත.
ඉන් කුරුලුබැද්ද ප්‍රදේශයෙන් හමුවූ අලි පැටියා සතියක් පමණ වයසති, එකෙකු බවත් එම අලියා රෑනෙන් තනිවි ඇති බවට සැක කරන අතර ප්‍රතිකාර සඳහා ගිරිතලේ වනජීවී නිලධාරීන් විසින් විසින් රැගෙන ගිය බවද ගම්වාසිහු සඳහන් කරති.
වැලිකන්ද මධුරංගල ප්‍රදේශයෙන් හමු වූ මාසයක් පමණ වයසති අලි පැටියා රෑනට පෑගී මියගොස් ඇති බවද වැලිකන්ද වනජීවි නිලධාරියෙකු සඳහන් කළේය.
මදුරංගල ප්‍රදේශයෙන් හමුවූ මාසයක් පමණ වයසති අලි පැටියාගේ අවසන් කටයුතු සිදුකළ බවත්, කුරුලුබැද්ද ප්‍රදේශයෙන් හමු වූ අලි පැටියා රැගෙන ගොස් මේ වනවිට ප්‍ර තිකාර කරමින් පවතින බවද ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.
වැලිකන්ද වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක සී,ඒ. වනසිංහ මහතා සඳහන් කළේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණය කටයුතු සිදු කරමින් පවතින බවයි.







