බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය වින්දන

ඉන්දුනීසියාවෙ රසිකයන් ඇද බැඳන් ටික් ටොක් වීඩියෝ රැල්ලේ කැරලි ගහන සුරේනිගේ සිංදුව

by editor
දෙසැම්බර් 3, 2020
in වින්දන
Share on FacebookShare on Twitter

සුරේනි ද මෙල් කලා ක්ෂේත්‍රය තුළ බෙහෙවින් ජනප්‍රිය වුණේ ආදරෙයි නම් එන්න මා වෙත කියන ගීතයෙන්. ඇයගේ පළවෙනි ගීත ඇල්බමයෙන් එළියට ආපු ආඩම්බරයි නම් ගිතයත් මීට අවුරුදු දොළහකට කලින් අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් ගීතයක් බවට පත්වුණා. වයසින් අවුරුදු දොළහක් පරණ ආඩම්බරයි බැලුවම නම් ගීතය මෑතකදි විශාල රැල්ලක් ඇති කළ ගීතයක් බවට පත්වෙලා. ඒ ලංකාවේදි නෙමෙයි ඉන්දුනිසියාවේදි. කාලෙන් කාලෙට එක එක රටවල ටික් ටොක් වීඩීයෝ රැල්ල ඇතුළේ ගීත ජනප්‍රිය වෙද්දි ඉන්දුනිසියාවේ ටික් ටොක් රැල්ල ඇතුළේ ජනප්‍රිය වෙලා තියෙන්නෙ වසන්ත දුක්ගන්නාරල ලියපු ඉරාජ් වීරරත්න සංගීතවත් කළ සුරේනි ගයපු ආඩම්බරයි බැලුවම නම් ගීතය. තමන්ගේ ගීතය විදේශ රටක රැල්ලක් වෙලා තියෙන මොහොතක අපි සුරේනිව අපේ කතා බහට එකතු කරගත්තා

  • කොහොමද සුරේනි.තමන්ගේ ගීතයක් විදේශ රටක රැල්ලක් වෙලා තියෙද්දි ආඩම්බරයක් ඇති නේද?

නිහතමානි සතුටක් තියෙනවා ඒ ගැන. මගේ රසික රසිකාවියන් මිතුරු මිතුරියන්ගෙන් තමයි මට දැනගන්න ලැබුණේ මම ගායනා කරපු ආඩම්බරයි බැලුවම නම් කියන ගීතය ඉන්දුනිසියාවේ ජනප්‍රියවෙලා කියලා. ඒ ගීතයට ඒ රටේ ටික් ටොක් වීඩීයෝ ලක්ෂ ගණනක් හැදෙන්න අරගෙන. ඒවා බොහෝ දෙනෙක් නරඹන්න අරගෙන. ඇත්තටම ඉන්දුනිසියාවේ DJ කෙනෙක් ඔවුන්ගේ ආරට ඒ ගීතය රීමික්ස් කරලා තිබ්බා. ඒ රීමික්ස් ගීතය තමයි ටික් ටොක් රැල්ලක් වෙලා තියෙන්නේ. ඒවගේම ඒ ගීතයට දැන් ඉන්දුනිසියාවේ කවර් වර්ෂන් හැදෙනවා. ඔවුන් සිංහල භාෂාවෙන්ම ඒ ගීතය ගායනා කරනවා. ඉතිං ඇත්තටම සතුටුයි මගේ ගීතයක් වෙනත් රටක ජනප්‍රිය වීම ගැන. මේ ගීතය ඉන්දුනිසියාවල ජනප්‍රිය වුණාට පස්සෙ මගේ මුල්ම ගීතයටත් ඉන්දුනිසියාවේ අය විවිධ ප්‍රතිචාර ලබා දුන්නා.

  • ලංකාවේ ගීතයක් විදෙස් රටක රැල්ලක් වුණ පළමු අවස්ථාව මෙය නේද?

ඔව්. හැමෝම කියනවා ලංකාවේ ගීතයක් මේ විදිහට විදේශ රටක ජනප්‍රිය වුණ පලමු වතාව කියලා.

  • මේ ගීතය ඔබේ පලමු නිර්මාණ එකතුවේ තිබ්බ ගීතයක්?

ඔව් මේ ගීතය මගේ පලවෙනි ගීත ඇල්බමයේ තිබුණ ගීතයක් 2008 දි තමයි ආඩම්බරයි බැලුවම නම් කියන ගීතය මම කළේ. ආදරෙයිනම් එන්න මා වෙත කියන ගීතයෙන් මම ලබා ගත්ත ජනප්‍රියත්වය මේ ගීතය නිසා දෙගුණ වුණා. මේ ගීතය ලිව්වේ වසන්ත දුක්ගන්නාරල , සංගීතවත් කළේ ඉරාජ් වීරරත්න. ඉතිං මගේ නිර්මාණයට හොඳම පිරිසක් එකතු වුණ නිසා වගේම ඒ ගීතයේ මගේ ඉදිරිපත් කිරිම නිසා ගීතය ගොඩක් ජනප්‍රිය වුණා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

  • මේ ගීතය සුරෙනිව සම්මානයටත් පාත්‍ර කළා නේද?

ඒකත් මට මේ ගීතය නිසා ලැබුණ තව අගය කිරීමක්.  මේ ගීතය මම ගොඩක් ආසා කරන ගීතයක්. දෙරණ මියුසික් අවෝඩ් උළෙලේදී මේ ගීතය වෙනුවෙන් හොදම ඉදිරිපත් කිරීමට මට සම්මානයක් ලැබුණා.

  • විවාහය සහ මවක්වීම කියන කාරණා එක්ක සුරේනි කාලයක් ගායන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා හිටියා?

බබා ටිකක් ලොකු වෙනකල් මම සංගීත කටයුතු වලින් නිවාඩුවක් ගත්තා. හැබැයි මම දැන් ආයෙත් වැඩ පටන් අරන් ඉන්නෙ. මම මේ මෑතකදි රසිකයන් අතරට ගෙනාපු කාටත් හොරා කියන සිංදුවට රසිකයන් දාල තිබ්බ කමෙන්ට්ස් මට හිතාගන්න බැහැ. හැමෝම අහලා තිබ්බෙ ඇයි නිර්මාණ කරන්නෙ නැත්තේ, ඇයි හැංහිලා හිටියේ කියලා. කාලයක් මම නිර්මාණ නොකර හිටපු එක අපරාදේ. නමුත් මම පවුලට මුල් තැන දෙන කෙනෙක්. ඒකයි ටික කාලයක් නිහඩ වෙලා හිටියේ.

  • සුරේනි ගයපූ ගීත බොහොමයක් ජනප්‍රිය වුණා.හැබැයි සුරේනි තකහනියේ නිර්මාණ කරන්නෙ නැහැ නේද?

ඇත්තටම මට හදිසියක් නැහැ. මට ඕනේ මගේ හිතටත් දැනෙන රසිකයන්ටත් දැනෙන හොද නිර්මාණයක් එළියට ගේන්න. මම ඒ වෙනුවෙන් අවුරුද්දක් ,දෙකක් වුණත් බලාගෙන ඉන්නවා. ඉඳලා ඉඳලා හොඳ දෙයක් කරන්න තමයි මම උත්සාහ කරන්නෙ. මම හිතනවා ක්ෂේත්‍රයට ඇවිත් මෙච්චර කාලයක් මට ජනප්‍රියත්වය තියාගෙන ඉන්න පුලුවන් වුණෙත් ඒ නිසා කියලා.

  • ගීත ජනප්‍රිය කරගන්න රහසක් තියෙනවද?

මම මුල ඉඳන්ම ගීතයක් කරද්දි එයට නර්තන අංගයකුත් එකතු කළා. ඒ මම නර්තනයටත් ආසා නිසා. ගීතය වගේම මගේ ඉදිරිපත් කිරීමත් මගේ ගීත බොහෝ දෙනෙක් වැලඳගන්න බලපෑවා. ඒ වගේම මගේ බොහෝ ගීතවල තනු නිර්මාණය මගේ. ආදරෙයිනම් වගේම නිල් දෑසින්, සෙනසුරු වගේ ජනප්‍රිය වුණ ගීතවල තනුවත් මම නිර්මාණය කළේ. මම කරද්දි ඒකාකාරි වෙයි කියලා හිතලා පස්සෙ මම වෙනත් අයට කියලත් තනු නිර්මාණ කරගත්තා. ගීතයේ හැම දෙයක්ම ගැන මම හිතනවා. ඒ නිසා රසිකයන්ට ළං වෙන ගීත මට කරන්න පුලුවන් වුණා.

  • අලුත් අයත් ක්ෂේත්‍රයට එද්දි සුරේනි තමන්ගෙ තැන අහිමි කරගත්තෙ නැහැ ?

අලුත් අය ක්ෂේත්‍රයට එද්දි තමන්ගෙ තැන රැකගන්න අමාරුයි. හැබැයි මට ප්‍රසංග වේදිකාවෙ වැඩ අඩු වුණේ නැහැ. මාධ්‍යයෙන් තියෙන ඉඩ අඩු වුණෙත් නැහැ. අවුරුදු දහතුනක් වෙලත් මම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න තරම් වාසනාවන්ත වුණා.

  • බටහිර ශෛලියට හුරු වේග රිද්ම ගීත වැඩිපුර සුරේනිගෙන් අහන්න ලැබෙනවා. ඊට වඩා වෙනස් ගීත ඉදිරියෙදි එළියට එයිද?

අනිවාර්‍ය්යෙන්ම . අයදිමි සමා කියලා ගීතයක් ළගඳිම එලි දක්වනවා. මම වේග රිද්ම ගීත ගොඩක් කළ නිසා ඒ ගීතය වේග රිද්ම ගීතයක් ලෙස නෙමෙයි නිර්මාණය කරන්නෙ. එයත් රසිකයන් වැලඳ ගනියි කියලා හිතනවා .

  • අම්මා ගායනයට දක්ෂයි.දුව ගායනයට ළැදිද?

දුව තාම පොඩියි. එයා ගායනයට දක්ෂයි .හැබැයි තවම ඒ පැත්තට උනන්දුවක් නැහැ.බලමු ඉදිරියෙදි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ්වලට හෙළ ඔසුවක් සොයා ගත් බව කී තැනැත්තා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නෑ…

Next Post

කොවිඩ් මර්ධන දේශීය ඖෂධයේ සායනික පරීක්ෂණ දිගටම..

Related Posts

වින්දන

සුදු අප්පච්චි 20 වැනිදා සිට….

ජූනි 8, 2024
Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත්  මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ  ඇට සැකිල්ල...
වින්දන

සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

පෙබරවාරි 27, 2024
වින්දන

කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

පෙබරවාරි 23, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.