කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර ද ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
හිටපු බස්නායක නිලමේවරයා කීවේ යුද්ධය ජයග්රහණයෙන් අනතුරුව රටේ සෑම පන්සලකම පාහේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙනම ස්ථානයක් හෝ අඩුම තරමින් කාමරයක්වත් වෙන් කර තැබීමේ ප්රවණතාවයක් තිබුණ බවය.







