-
ලියලා තියා ගන්න… අනුර දිසානායක ජනාධිපති වෙලා ඉන්නතාක් කල් දේශබන්දුට කිසිම හානියක් වෙන්නෙ නෑ… චම්පික රණවක…
උසාවිය මගහරින වරෙන්තු කරුවන්ගේ දේපල පවරා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. ඔහු අවධාරණය කළේ නීතිය ක්‍රියාත්මක කිරීමට තරාතිරම අදාල නොවන බවය
‘දැන් දේශබන්දු තෙන්නකෝන් මහත්තයා දැන් හැංගිලා ඉන්නේ. හැංගිලා ඉන්නේ මොකෝ. තමන් නීත්‍යානුකූල ක්‍රියාවක් කළා නම් සැඟවෙන්න කිසිදු කාරණාවක් නෑ. පොලිසිය හොයනවා. එයා හැංගිලා ඉන්නවා. ”
“එයා එළියට එන්නේ නැතිනිම් අපි තව තව ක්‍රියාමාර්ග තියනවා. මෙන්න චක්‍රලේඛනය. මේක තමයි ඔයාට එළියට එන්න බලකරන චක්‍රලේඛනය. මේ චක්‍රලේඛනය නිකුත් රකලා තියෙන්නේ 2005.02.21. වත්මන් වැඩබලන පොලිස්පතිවරයා අත්සන් කරලා තියෙන්නේ. ප්‍රියන්ත වීරසූරිය.”
“එකේ මොකක්ද කියන්නේ. කෙනෙක් අපරාධයක් කරලා අධිකරණය මගහැරලා වරෙන්තුවක් පිට ඉන්නවා නම් එයාගේ දේපල තහනමකට යන්න පුලුවන්. එන්න කියලා එන්නේ නැතිනම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60වැනි වගන්තිය, 61 වැනි වගන්තිය 62 වගන්තිය ක්‍රියාත්කම කරන්න වෙනවා මේ නීතිය අනුව. ”
“මේ නීතිය නීති පොතේ තිබුණට වැඩිපුරම පාවිච්චි වුනේ නෑ. ඒ නිසා අපට මේ නීතිය දේශබන්දු තෙන්නකෝන්ගෙන්ම ආරම්භ කරන්න පුලුවන්. තමන්ගේ චංචල සහ නිශ්චල දේපල ටික තියාගන්න ඕන නම් හැංගිලා ඉන්න තැනින් ආපහු එන්න. මම දන්නේ නෑ කොහොම උපයාගෙන ද කියලා ඒවා. ගොඩාක් වත්කම් තියනවලු.”
“ඉතින් ඒවා සම්බන්ධ වෙනම කතාවක්. මේ චංචල සහ නිශ්ඡල දේපල ටික ආරක්ෂා කරගන්න ඕන නම් සැඟවී සිටින තැනින් විගහට එළියට ඇවිල්ලා මේවට ඉදිරිපත් වෙන්න. එහෙම නැතිනම් අපි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60, 61, 62 වගන්තීන්වලට අත ගහන්න වෙනවා. ”
කෙසේ වෙතත් එක්සත් ජනරජ පෙරමුණේ නායක චම්පික රණවක ජනහමුවක් අමතමින් ඊයේ ( 08) ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දේශබන්දු තෙන්නකෝන්ට අත නොතබන බවය.
ඔහු මෙසේ කීවේය.
” ඇයි මේ දේශබන්දු මහත්තයව අල්ලන්නේ නැත්තේ. දේශබන්දු මහත්තයා පිටිපස්සේ ඉන්නවා චරිතයක්. ගරු ටිරාන් අලස්.”
“අනුර දිසානායක ජනාධිපතිවෙලා ඉන්නතාක්කල් ටිරාන් අලස් ඊ-වීසා, ඊ-පාස්පෝර්ට්, නෙමෙයි මොන වංචාව කළත් වැලිගම වෙඩි තියලා මොන මිනි මැරුම් කළත් අතවත් තියන්නේ නෑ අනුර දිසානායක. ඒක තමයි ඔවුන්ගේ ඩීල් එක.”







