දිනසේන රතුගමගේ –
තරුණයෙක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් රුපියල් ලක්ෂ 80 ක මුදලක් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිවු දෙනෙක් පොලීසිය විසින් ඊයේ (09) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයා පැහැරගෙන වාහනයක දමා ගෙනගොස් මරණිය තර්ජන කර ඔහුගේ ගිනුමේ පැවති ඇති ලක්ෂ අසූවක මුදලක් කාන්තාව සිය ගිනුමට බැර කරගැනීමට කටයුතු කර තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
යාපනයේ ආරියකුලම් ප්රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ රටක සේවයට යාමේ අපේක්ෂාවෙන් සිට ඇති අතර එහිදී ඔහුට එක් කාන්තාවක් පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 80 ක මුදලක් වැය කිරීමට හැකිනම් යුරෝපා රටක රැකියාවක් සදහා සති දෙකක කාලයකින් යා හැකි බවයි.
තරුණයා එහිදී තමන් සතුව මුදල් තිබුණ නමුත් එම මුදල මෙම කාන්තාවට ලබා දිම ප්රතික්ෂේප කර ඇත.
දින කීපයකට පසුව කාන්තාව හා තවත් තුන් දෙනෙකු සමග මෝටර් රථයකින් තරුණයාගේ නිවසට ගොස් ඔහුව පැහැර ගෙන ඔහුගේ බැංකු ගිණුමේ තිබූ මුදල් වලින් රුපියල් ලක්ෂ 80 ක මුදලක් සිය ගිණුමට බලහත්කාරයෙන් බැර කරගන්නට කාන්තාව කටයුතු කර තිබේ.
පසුව එම තරුණයාව යාපනයේ කෝපායී ප්රදේශයේ පාලු ප්රදේශකට ගෙන ගොස් අතහැර දමා මුදල් කොල්ලකෑ පිරිස පලාගොස් තිබේ.
මේ පිළිබදව යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කීරීමෙන් පසුව කාන්තාව හා අදාල සැකකරුවන් තුන් දෙනාද තරුණයා පැහැර ගැනීමට යොදා ගත් මෝටර් රථයද අත් අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සැකකරුවන්ගෙන් ප්රශ්න කරගෙන යන අතර ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.







