හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද යළි නියම කළේය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සැකකාරියක ලෙස නම් කළ නඩුවක් අද (10) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මලි මෙම වරෙන්තුවක් නිකුත් කර තිබුණාය.
පසුව මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයේ පෙනී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන් වෙනුවෙන් නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලා සිටියාය.
ඒ අනුව අදාළ වරෙන්තු ආපසු කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මේ ලිපියත් බලන්න…







