ලලිත් චාමින්ද –
ලෝක ආහාර වැඩසටහන යටතේ සහල් ගබඩාකර පවතින ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා 04ක් විද්‍යාත්මක ලෙස භාවිතා නොකිරිම හේතුවෙන් කෝටි 30කට ආසන්න පිරිවැයක් දරා සිදුකළ ව්‍යාපෘතියක් නිශ්කාර්ය වි ඇතැයි විගණනය හෙළි කරයි.
ආහාර දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 296ක මුදලක් වැයකොට මෙට්‍රික්ටොන් 34,300 ගබඩා ධාරිතාවයක් සහිත ගබඩා 06ක් විද්‍යාත්මක ගබඩාලෙස නවිකරණය කොට තිබුණි. සහල්තොග උපරිම ප්‍රමිතියෙන් පවත්වාගෙනයාම, සදහා රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරිම මෙන්ම විවිධ රසායන ද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය අවමකිරිම ගබඩා විද්‍යානුකූලව සංවර්ධනය කිරීමෙහි අරමුණ විය.
එහෙත් සමස්ථ අරමුණු විතැන් කරවමින් මෙම ගබඩා නිසි පරිදි නඩත්තු කරගෙන පවත්වාගෙන යෑමට ආහාර දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති ආකාරය විගණනයේ දී හෙළි දරවු වී ඇත. විද්‍යාත්මක ගබඩා පවත්වාගෙන යාම වෙනුවෙන් සවිකළ වායුසමිකරණ පද්ධතියද නිෂ්කාර්ය පැවතුණි. එමෙන්ම මෙකි ගබඩා ඉදිකළ අරමුණ සදහා භාවිතාකොට නොතිබුණි.
ගබඩා තුනක ලෝකආහාර ආහාර වැඩසටහන යටතේ ලබාදෙ ආහාර ද්‍රව්‍ය වසරකට ආසන්න කාලයක් තිස්සේ ගබඩාකර පැවතුණි. අද හෙළි දරවු වූ පිරිදි එම ආහාර තොගය ද කල් ඉකුත් වී තිබිය දී හොයාගෙන ඇත.
වර්ගඅඩි 28,000ක් වු වේයන්ගොඩ අංක 09 ගබඩාව පොල්කිරි අපනයන නිෂ්පාදන සිදුකරණ පුද්ගලික ආයතනයක් වෙත වසර 04ක කාලයක් සදහා බදු පදනම මත ලබාදි තිබුණි. බදු ගිවිසුම 2021.12.31 දින අවසන්ව ඇත.
වෙයන්ගොඩ අංක 01 ගබඩාව වෛද්‍ය සැපයුම් අංශය සදහා වෛද්‍ය උපකරණ ගබඩා කිරිම සදහා බදු පදනම මත ලබාදි ඇත.
විද්‍යාත්මක පදනම මත සකස් කළ බව කියන එම ගබඩා නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් එම ගබඩාවල ධුමායන වාර 06ක් සඳහා රුපියල් තිස්එක්ලක්ෂ,හැත්තෑඑක්දහස්,අටසියහතලිස් දෙකක මුදලක් (3,171,842) වැයකොට ඇති බවද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ආහාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.







