2023 වසරේ දී ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරට ජනතාවට බෙදාහැරීම සඳහා ලබා දීමෙන් පසු ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රට ඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගත නොහැකි ලෙස කල්ඉකුත් වී ඇතැයි අනාවරණය වී තිබේ.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයට වර්ග අඩි 28,000කින් සමන්විත ගබඩා 03ක මේ අහාර ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇත.
16ක් ඇතුළත් වන අතර, ඉන් ගබඩා 10ක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගැනේ. මෙසේ ගබඩා කර තිබී ඇත්තේ දිළිඳු ජනතාවට සහ පාසල් ළමුන්ට නොමිලයේ බෙදාදීම සඳහාය.
කසක්ස්ථානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලින් ලැබී තිබූ ආහාර තොගය නිසි කලට බෙදාහැරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වනවිට එම ආහාර තොගය කල් ඉකුත් වී තිබේ.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් වේයන්ගොඩ දිසා ධාන්‍යාරය වෙත පැමිණ තිබුණි. – දෙරණ







