බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අවුරුදු 50කට පසු ලංකාවට පැමිණ උණවටුන වෙරළතීරයේ මළගම දැක වැළපෙන ඔස්ට්‍රේලියානු අම්මා..

by editor
පෙබරවාරි 1, 2025
in සමාජ
උණවටුන වෙරළ ඛාදනය

උණවටුන වෙරළ ඛාදනය

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

හෑත්තෑ පස් හැවිරිදි වියේ පසුවන ඇන්ඩ්‍රියා බෙන්සන් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකි. ඕ දරුවන් හය දෙනෙකුගේ මවකි. ඇන්ඩ්‍රියා ඕස්ට්‍රේලියානු ගුවන් සේවයේ හිටපු ගුවන් සේවිකාවකි. වයස අවුරුදු හැත්තෑ පහක් වුවද ඇය නීරොගීය. ප්‍රසන්න දැකුම් ඇත්තීය.

ඇන්ඩ්‍රියා මෙරටට පළමු වරට පැමිණ ඇත්තේ 1975 වර්ෂයේ ජුනිමස 03 වැනිදාය. ඉන්පසු ඇය වසර පනහකට පමණ පසු මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි ඇය මෙරටට පැමිණ තිබුණි. ඇන්ඩ්‍රියා ගහකොළ සතාසිවුපාවන්ට, පරිසරයට,වෙරළතිරයට දැඩිව ආදරය කරණ තැනැත්තියකි. ඇය උණවටුන රිදීවිලා හෝටලයේ දි අපිට මුණගැසුණි.

 ඇන්ඩ්‍රියා බෙන්සන්

ඇන්ඩ්‍රියා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින්නිය. ඇය ගුවන් සේවිකාවක් වශයෙන් රැකියාව කළ තැනැත්තියකි. ලෝකයේ විවිධ රටවල සංචාරය කොට ඇත්තීය. එහෙත් ලංකාව තරම් ලස්සන රටක් ලෝකයේ කොහෙවත් නුදුටු බව ඇන්ඩ්‍රියා කියන්නිය. ඇය ඒ කතාව කියන්නී ඇයගේ අතීත මතක ඔස්සේය.

මීට වසර පනහකට පමණ පෙර උණවටුන වෙරළ තිරයේ හා උණවටුනේ පැවති පරිසරය පිළිබද විස්තර කරමින් ඇය අප සමග කථාබහට වැටුණාය. ඇය වසර පනහක උණවටුණේ මතකය ඈට මිහිරකි. උණවටුණ ගැන අන්ඩ්‍රියා සතුව ඇත්තේ ඉතා රසවත් කථා ගොන්නක් ඇත. ඕ අපිත් සමග උණවටුණ වෙරළ තිරයේ ඇවිදමින් ඒ අතීත මතකයේ රැඳුන උනවටුනේ සුන්දරත්වය වියැකිගොස් ඇති ආකරය ගැන කිවාය. උණවටුන වෙරළ තිරයට වි ඇති වින්නැහිය පිළිබද ඇය දැඩි කම්පනයට පත්ව සිටියාය.

මිට වසර පනහකට පමණ පෙර ඇය උණවටුනට පැමිණෙන විට තිබු තත්ත්වය තුළ එය මේ වනවිට ගොඩනැගිය හැකිව තිබූ සැලසුම් ගැනත් අවිධිමත් කොන්ක්‍රීට් වනාන්තරයක් මේ වෙරළ තීරයේ ස්වභාව ධරමය දුන් සෞන්දර්යයේ චමත්කාරය කෙළසා ඇති ආකාරය ගැනත් ඇය තුළ වූයේ කම්පනයකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මම 1975 වර්ෂයේ උණවටුනට පැමිණෙන විට මගේ වයස අවුරුදු 20යි. මම මාස තුනක් උනවටුනේ ගත කළා. ගොඩනැගිලි එකක් හෝ දෙකක් පමණයි තිබුණේ .පොල් රූප්පාවකින් වෙරළ තිරය වැසිගොස් තිබුනා. සුන්දර බිම්කඩක් තමයි දක්නට ලැබුණේ .පරිසරය තුල දක්නට ලැබුණේ අලංකාර බවක්.වෙරළ තිරය හරිම ලසන්නයි. ”

මේ වගේ ස්වභාව ධර්මය දුන්න අලංකාර භූමි රටේ සංවර්ධනයට දායක වෙන විදිහට සංවර්ධනය විය යුතුයි. එය සිදුවිය යුත්තේ ඉතාම සැලසුම් සහගතව කියලා තමයි මට හිතෙන්නේ. අද මෙතන ගොඩනැගිලි හැදිලා තියෙන්නේ ඒ පරිසරයේ අලංකාරය මුලුමනින්ම නැතිවෙන විදිහට.

උණවටුන වෙරළ තිරය…

“මම ලංකාවට එන කාලේ හික්කඩුවේ තමයි සංචාරක කර්මාන්තය ජයටම කරගෙන ගියේ. ඒ කාලයේ උණවටුනේ සංචාරක කර්මාන්තය ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. උණවටුන වෙරළ තීරය හරිම මනරම් වෙරළ තිරයක්. ලෝකයේ ආකර්ශනය දිනාගන්න පුලුවන් ඉතාම ලස්සන වටපිටාවක් එදා උණවටුනේ තිබුණා.”

වැලියොදා කෘතිමව සකස්කොට තිබු උණවටුන වෙරළ තිරය මේ දිනවල දැඩි ලෙස ඛාදනයට ලක්වෙමින් තිබුණි. දෙස් විදෙස් සංචාරකයින්ගෙන් උණවටුන පිරිගොස් ඇතත් වෙරළ තිරයක් නොමැති තරමටම වෙරළ ඛාදනයට ලක්වෙමින් ඇත්තේය. උණවටුනේ වෙරළ තීරයට සිදුවි ඇති විනාශය පිළිබද ඇන්ඩ්‍රියා දැඩි කනස්සල්ලෙන් පසුවුවාය. ඕ වෙරළ තිරය දිගේ ඇවිදමින් වෙරළ තීරයට වි ඇති විනාශය විපරම්කොට බලන්නට වුවාය. මිට වසර පනහකට පමණ පෙර උණවටුන වෙරළ තිරයේ තිබු සුන්දරත්වය සිහිපත් කරමිනි.”

“1975 වර්ෂයේ මම ලංකාවට ඇවිත් මාස තුනක් විතර ලංකාවේ රැදි සිටියා. වැඩිකාලයක් ගතකළේ උණවටුනෙ අමරසිංහ මහතාගේ නිවසේ. ලංකාවේ ගතකරපු ඒ මාස තුන මගේ ජිවිතයේ ඉතා වැදගත් කඩඉමක්. ඒ මාස තුන තුළ මා ජිවිතය වින්දා. උණවටුනේ මෙන්ම මෙරට ස්වභාව සුන්දරත්වය විදදරා ගැනිමට අවස්ථාව ලැබුණා.”

මට මතකයි ඒ කාලයේ බිලිපිති යොදාගෙන මාළු බාන අය වෙරළ තිරයේ තැනිත් තැන හිටියා. වෙරළ තීරයේ රුවල් ඔරු නතරකොට තිබුනා. ඇත්තටම එය සුන්දර දසුනක් වුනා. උණවටුන ධීවර ගම්මානයක් විදියට තමයි තිබුණේ. මුහුදු රළ හැරුණුවිට පරිසරයේ තිබුණේ නිහඩ බවක්. ඒ කාලේ දැන් වගේ ජනතාව ගැවසුණේ නැහැ. අවම පහසුකම් තමයි තිබුණේ. විදුලිය තිබුණේ නැහැ. නිවාසවල භුමිතෙල් ලාම්පු තමයි පත්තු කළේ. නාන කාමර තිබුණේ නැහැ. ළිදෙන් වතුර ඇදගෙන තමයි දිය නෑවේ. මම නැවතිලා හිටිය අමරසිංහ මහත්තයාගේ නිවසේ ඔහුගේ දරුවන් එක්ක. ඔහුට දරුවන් තුන්දෙනෙකු හිටියා. හරිම සුන්දර කාලයක් තමයි ගතකළේ .”

“ඒ කාලෙදි උණවටුන ප්‍රදේශයට දුරකථන පහසුකම් තිබුණේ නැහැ. .මම උණවටුනෙ නතරවි සිටි කාලය තුළ ගාල්ල තැපැල් කාර්යාලයට ගිහින් තමයි මගේ ගෙදර අයට කථා කළේ. සෑම සේනසුරාදාවකම දුරකථන ඇමතුමක් ගෙන පවුලේ අයට කථාකරන්න මම ගාල්ල තැපැල් කාර්යාලයට යාමට පුරුදුව සිටියා. ඒ කාලයේ ලංගම බස්රථ තමයි තිබුණේ. උණවටුනේ ඉඳන් ගාල්ලට ගියේ ලංගම බස්රථයකට ගොඩවෙලා.”

ඇන්ඩ්‍රියා ආතර් සීක්ලාක් නැවතී සිටි නිවස පෙන්වමින්…

ඇන්ඩ්‍රියා 1975 වර්ෂයේ මෙරටට පැමිණෙන විට උණවටුනෙ තවත් සුවිශේෂි වු පුද්ගලයෙකු නතර වි සිටියේය. ඔහු අන්කිසිවෙක් නොව ආතර් සි ක්ලාක් විද්වතාය. ඇන්ඩ්‍රියාට ආතර් සි ක්ලාක් මහතාද දැන හඳුනා ගැනිමට හැකි විය. ක්ලාක් මහතා පදිංචිව සිටි නිවසටද යාමට ඇන්ඩ්‍රියා අමතක නොකළාය.

“ආතර් සීක්ලාක් ලංකාව ලෝකයට රැගෙන ගිය පුද්ගලයෙක්.. ඒ කාලයේ ලංකාව ප්‍රකට වෙලා තිබුණෙ සිලොන් කියන නාමයෙන්. ලෝක සිතියමේ උණවටුන කියන වෙරළ තීරයට අන්ර්ජාතික වටිනාකමක් දුන්නේ ආතර්සී ක්ලාක් මහත්තයා. ඊට පස්සේ තමයි උණවටුන ගැන විදෙස් සංචාරකයින් දැන ගත්තේ .එදා ලෝකයේ තියෙන දර්ශනීය වෙරළ තිරයන් දහයෙන් එකක් විදියට උණවටුන වෙරළ තිරය ක්ලාක් මහත්තයා හදුන්වා දුන්නා .ඒ සමග විදේශිය සංචාරකයින් වැලනොකැඩි උණවටුනට එන්න පටන්ගත්තා. ” ඇන්ඩ්‍රියා කිවාය.

මේ වනවිට උණවටුන සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරිගොස් ඇත. සෑම හෝටලයකම පාහේ කාමර විදේශිය සංචාරකයින්ගෙන් පිරිගොස් තිබුණි. ගාල්ල ජාත්‍යන්තර් ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ශ්‍රිලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගය නැරඹිම සදහා ඕස්ට්‍රේලියානුවෙන් මෙන්ම එංගලන්ත ජාතිකයින් විශාල පිරිසක් මෙරටට පැණ තිබේ. ඔවුන් ගාල්ල හා උණවටුන අවට හෝටල්වල ලැගුම් ගෙන සිටිති. මේ නිසා සංචාරක හෝටල් හිමියන්ගේ අතමිට සරුවි තිබේ.

ඕ වසර පනහකට පමණ පසු ලංකාවට පැමිණිමේ රහසද අපට කීවාය.

“මම ක්‍රිකට්වලට ගොඩක් කැමතියි. ශ්‍රිලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගය නැරඹිම සදහා තමයි මම ලංකාවට පැමිණියේ. මගේ එක් පුතෙකු ඉතාලියේ රැකියාවක් කරණවා. ඔහුත් ශ්‍රිලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගය නැරඹිම සඳහා ලංකාවට පැමිණියා.” ඇය කිවාය.

උණවටුන වෙරළ ඛාදනය

ඇන්ඩ්‍රියා ලංකාවේ කෑම වලට දැඩි රුචියක් දක්වන්නිය. මේ දිනවල පොල් සම්බෝලය කිරිහොද්ද රට්ටුන් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේය. ඒ පොල්සම්බල් පිළිබද රජයේ නියෝජ්‍ය ඇමතිවරයකු විසින් කරණු ලැබු ප්‍රකාශයක් හේතුවෙනි. ඇන්ඩ්‍රියා කියන්නේ කිරිහොදි සහ පොල්සම්බෝල ලෝකයේ ඇති රසවත්ම ආහාරයක් බවය. “සම්බෝල පාන් කෑල්ලක් එක්ක කනකොට තියෙන්නෙ පුදුම රසක්…” ඇය පැවසුවාය.

ලෝකයේ වෙනත් රටවල නොමැති කෑම වර්ග ලංකාවේ මිනිස්සු හදනවා. ඇත්තටම මේ හරිම අපුරු රටක්. ඕනෑම විදේශිකයෙක් පැමිණ බැලිය යුතු රටක්. ඒත් මිනිස්සු මේ රටේ මිනිස්සු මේ රටට මේ පරිසරයට මීට වඩා ආදරය කළ යුතුයි කියලා මට හිතෙනවා. මෙහෙම සම්පත් ලෝකයේ හැමොටම ලැබෙන්නෙ නෑ.. මිනිසුන් දුම්පානයකොට දුම්වැටිකොට වෙරළ තිරයේ දමා යනවා.මම පසුගියදිනක කොළඹ නගරයට ගියා ප්ලාස්ටික් බෝතල් මුඩි තැන් තැන්වල දමා තිබුනා. සොබා දහම අමතක කරලා කිසිම දියුණුවක් මිනිස්සුන්ට අත් පත් කරගන්න බෑ. සොබා දහමට ආදරය කරන තරමට තමයි මිනිස්සු ආර්ථිකවත් සමාජයීයවත් කායිකවත් දියුණු වෙන්නේ. ” ඇය කියන්නී මහා ගැඹුරු කතාවකි. .

ඛාදනය වූ වෙරළ තීරයේ ඉඳගෙන සොහොන් කොත් බඳු අවිධිමත් ගොඩනැගිලි දකිමින් ඇන්ඩ්‍රිනා මෙසේ කීවාය. ” කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා තමයි. ඒත් හරියට කළමනාකරණය කරනවා නම් කාලයත් එක්ක ගොඩක් ලස්සන දේවල් සැලසුම් කරන්න පුලුවන්. උණවටුන අද පත්වෙලා තියෙන තත්ත්වය ගැන මට ඇත්තේ ලොකු කණගාටුවක්.” අපි ඉබේ ලැබුණ මහා දායාදයක් මත පහරමින් සිටින මිනිස්සුදැයි ඇන්ඩ්‍රිනාගේ කතාවෙන් පසු කල්පනා කරමින් සිටිමි.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මඩ කුඹුරේ සී සෑම…

Next Post

ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ගමන්ගත් ඩිෆෙන්ඩරක් තලාවේදී අනතුරට… 4කට තුවාල…. දෙදෙනෙකුට බරපතලයි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.