සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්නගත බහාලුම් අතර බස්නාහිර ආණ්ඩුකාරවරයාගේ ව්‍යාපාරවලට සම්බන්ධ බහාලුම් එකක්වත් නෑ… සිද්ධිය හෙළිදරවු කළ රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කරයි!

by editor
ජනවාරි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රේගු පරීක්ෂාවකින් තොරව මුදාහල බවට චෝදනා ලද  බහාලුම් 323න් එක් බහාලුමක් හෝ බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ට අයත් කිසිම සමාගමට අයත් නැති බව මෙම බහාලුම් සම්බන්ධව හෙළිදරවු කළ රේගු වෘත්තීය සමිති සන්ධානය අද (30)  මාධ්‍ය සාකච්ඡාවක දී හෙළි දරවු කළේය.

ඔවුන් පෙන්වා දුන්නේ ශ්‍රි ලංකා රේගු ඉතිහාසයේ කිසිම අවස්ථාවක එක් වර එක් පුද්ගලයේ විසින් බහාලුම් 323ක් වැනි විශාල ගණනක් ආනයනය කර නැති බවය. මෙම චෝදනාව මුසාවක් බවත් තමන් රට වෙනුවෙන් සිදුකළ හෙළිදරව්ව දේශපාලනිකය පාවිච්චි කිරීමට විරෝධය දක්වන බවත් රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව ප්‍රකාශ කළේය.

රේගු වෘත්තීය සමිති තුනක සහභාගීත්වය සහිතව අද පැවැත්වු මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“අපි මතු කළ කරුණුවලින් බැහැරව ගිහිල්ලා මේ කාරනාවට දේශපාලන මුහුණුවරක් එක් කරන්න ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් උත්සාහ කරනවා . ඒ අනුව අපි සහ රජය අතර අනවශ්‍ය  බිඳවැට්ටීමක් කරන්න විවිධ පාර්ශව විසින් විවිධාකාර උත්සාහ ගන්නවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයයි වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ඒ කපන බොරු වලේ වැටෙන්න අපි ලෑස්ති නෑ. මොකද අපි රාජ්‍ය සේවයේ වෘත්තීය සමිතියක් විදිහට අප පවතින රජයත් එක්ක අනුගත වෙලා තමයි කටයුතු කරන්නේ.”

“අපට රජය පාර්ශවයෙන් ඉතාම සාධනීය පැහැදිලි කිරීමක් දීලා තියනවා මේ කරුණු කාරණා ගැන ඉතාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණය ඉතාමත්ම කඩිනමින් පවත්වනවා කියලා. ඒ විශ්වාසනීය දැනුම් දීම රජය පාර්ශවයෙන් අපට කරලා තියනවා. ඒ නිසා අපි රජයේ ක්‍රියාමාර්ගය ගැන පූර්ණ විශ්වාසය තියලා තියනවා. ”

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

“මේ කාරණාව මුල් කරගෙන ශ්‍රී ලංක රේගුව සමග ශ්‍රී ලංකා රජයත් මුදල් අමාත්‍යාංශයත් අතර අනවබෝධයක් ඇති කරන්න යම් කිසි පාර්ශවයක් උත්සාහ දරනවා නම් රේගු වෘත්තීය සමිති ව්‍යාපාරය වශයෙන් අපි ඒ අනවබෝධය ඇති වෙන්න ඉඩ තියන්නේ නෑ.”

රේගු පරීක්ෂණයෙන් තොරව මුදාහල ප්‍රශ්නගත බහාලුම්වලට බස්නාහිර ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධතාවයක් ඇතිදැයි මෙහිදී මාධ්‍ය කළ විමසීමක දී සභාපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය. ”

” ශ්‍රි ලංකා රේගුවේ පරිගණක දත්ත පද්ධතිය ඔස්සේ අපි ලබා ගත් තොරතුරු අනුව මම ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ… මේ ඉතාම අසාධාරණ චෝදනාවක් ඉදිරිපත් කරන්නේ. මොකද අපට තියන ලේඛනය අනුව විවිධ පාර්ශවයන්ට අයත් ආනයනික බහාලුම් තමයි මේ ආකාරයට මුදා හැරලා තියෙන්නේ.”

“එතකොට මෙතන ඉන්නවා විවිධ පාර්ශව. එක පාර්ශවයකට, එක් පුද්ගලයෙකුට අයිති කන්ටේනර් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ රේගු ඉතිහාසයේ කොයිම වෙලාවකවත් ලංකාවට ඇවිත් නෑ. එහෙම කෙනෙක් කියනවා නම් ඒක මුසාවක්. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

GMOA  උප සභාපති වෛද්‍ය සභාවේ උප සභාපති තනතුර ඉල්ලලා… වෛද්‍යවරු නොසන්සුන්!

Next Post

කල් අරින්නේ නෑ… තව දින තුනකින් වී සඳහා සහතික මිල දෙනවා… කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති සහතික වෙයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.